බස් වර්ජනය ස්ථිරයි - නවතන දිනයක් නෑ.


සැලසුම් කළ ආකාරයටම බස්රථ ත්‍රිරෝද රථ පාසල් ප්‍රවාහන රථ වර්ජනය අද (01දා) මධ්‍යම රාත්‍රී 12.00 ට ආරම්භ කරන බව බස් සංගම්, ත්‍රිරෝද සංගම් සඳහන් කරයි.

අද (01දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී මේ බව සඳහන් කළ සංගම් නියෝජිතයන් වැඩිදුරටත් සඳහන් කළේ, වර්ජනය ආරම්භ කළ පසු සාකච්ඡාවක් ලබාදුන්නද සාකච්ඡාවට සිදුකරන්නේ වර්ජනය දියත් කරමින් බවයි.

එහිදී අන්තර් පළාත් බස් හිමියන්ගේ සංගමයේ සභාපති විජිත කුමාර මහතා සඳහන් කළේ, අවම දඩ මුදල රුපියල් 25,000 ක් දක්වා ඉහළ දැමීමට විරුද්ධව මෙම වෘත්තීය ක්‍රියාමාර්ග දියත් කරන බවයි.

විසඳුම් ලැබෙන ආකාරයට වර්ජනය නවතා දැමීමට තීරණය කර තිබෙන නිසා අද මධ්‍යම රාත්‍රී 12.00 ට ආරම්භ කරන වර්ජනය නවතා දමන දිනයක් වෙලාවක් මෙතෙක් තීරණය කර නොමැති බවද ඒ මහතා සඳහන් කළේය.

Share on Google Plus

0 comments:

Post a Comment