ජයලලිතා නික්ම යයි - අවසන් කටයුතු අද. - Info Sri Lanka News | Sinhala

ජයලලිතා නික්ම යයි - අවසන් කටයුතු අද.


ඉන්දීය දේශපාලනයේ බලවත් චරිතයක් ලෙස ප්‍රකට වූ තමිල්නාඩු මහ ඇමතිනී ජයලලිතා අවුරුදු 68ක් ආයු වළඳා ඊයේ (05දා) මධ්‍යම රාත්‍රියට ආසන්නව චෙන්නායි හි ඇපලෝ රෝහලේදී අවසන් හුස්ම හෙලුවාය.

ඒ, හදිසි හෘදයාබාධයක් හේතුවෙනි.

ඇය ඉරිදා රාත්‍රියේ චෙන්නායි හි ඇපලෝ රෝහලට ඇතුළත් කළ අතර, ඇය මියගිය පුවත සඳුදා රාත්‍රී 11.30 ට එම රෝහල තහවුරු කළේය.

මේ අතර තමින්නාඩු රජය විසින් අද (06දා) තමිල්නාඩුවේ ජාතික නිවාඩු දිනයක් ලෙස නම් කර තිබේ.

මේ වන විට තමිල්නාඩු රජය සතියක ශෝක කාලයක් නම් කර ඇති අතර තමිල්නාඩුවේ වත්මන් මුදල් ඇමතිවන ඕ. පනීර්සෙල්වම් තමින්නාඩුවේ මහ ඇමති ලෙස අද අලුයම 1ට පමණ තෙවැනි වතාවටත් තමිල්නාඩු මහ ඇමති ලෙස දිවුරුම් දුන්නේය.

තමින්නාඩු හිටපු මහ ඇමතිනී ජයලලිතා ජයරාම් මිය යෑමට පෙරාතුව ඇයගේ සෞඛ්‍ය තත්ත්වය අසාධ්‍ය බවට තොරතුරු වාර්තා වීමෙන් පසුව තමිල්නාඩුවේ ඇයගේ ආධාරකරුවෙකු ජිවිතක්ෂයට පත්ව ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. 

ඉරිදා රාත්‍රියේදී ඇයගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව රූපවාහිනයේ ප්‍රවෘත්ති නරඹමින් සිටින විට මෙම ආධාරකරුවා ජීවිතක්ෂයට පත්ව තිබේ.

මීට ඉහතදී ඔක්තෝබර් 6 වැනිදාද ජයලලිතා සෞඛ්‍ය තත්ත්වය අසාධ්‍ය වීම නිසා ඇයගේ ආධාරකරුවෙකු හෘදයාබාධායක් හේතුවෙන් ජීවිතක්ෂයට පත්ව තිබුණි.

Share on Google Plus