පන්සිල් රකින සමාජයක් ගොඩනඟමු.


බෞද්ධ රටක් වුවද ශ්‍රී ලංකාව තුල ක්‍රමයෙන් මිනිස් ගුණධර්ම පිරිහෙමින් පවතින බව නොරහසකි.  දශක කිහිපයක සිවිල් යුධයක් පැවතීම මීට ප්‍රධාන හේතුව ලෙස තිබුනද ඉන් පසුවද ජාතිවාදී සහ ආර්ථික හේතුන් විසින් මානව ගුණදම් වර්ධනය වීම යටපත් කරමින් පවතී.

ආර්ථිකය හා සංවර්ධනය රජයකින් සිදු වියයුතුම කරුණක්  වන අතර “යහපාලන” මඟින්  වියයුතු තවත් වැදගත්ම කාරණය වනුයේ රටේ ජනතාවගේ මානව ගුණදම් ඉහල දැමීමයි. එසේ කිරීම තුලින් විශාල සමාජ ප්‍රශ්න ගණනාවකටම පිළිතුරු  ලැබෙනු ඇත.

රටක ආර්ථික දර්ශක අතර ඒකපුද්ගල ආදායම ඉහල දැමීම වැනි කරුණු මෙන්ම සමාජයේ ගුණාත්මක බව ඉහල දැමීමේ දර්ශක ද තිබිය යුතුය.  රටේ වාර්ෂික අපරාධ සංඛ්‍යාව, රිය අනතුරු, ස්ත්‍රී දුෂණ හා ළමා අපචාර,  සියදිවි හානි කරගැනීම් ඉන් සමහරකි. 

බෞද්ධ රටක් වුවද, මා මැතක කල සමීක්ෂණයකට අනුව සමාජයේ පන්සිල් රකින  ප්‍රතිශතය දල වශයෙන් 5000 : 1 අයෙකු පමණ වේ.  මෙය ඉතාමත් භයානක තත්වයකි .  එබැවින්  “යහපාලන” රජයක් තුල වසර 2020 වනවිට මෙම දර්ශකය  අවම වශයෙන් 100 : 1 ලෙසට වත් පත් කිරීමට ක්‍රියා කලයුතුය. ඒ සඳහා මහා නායක හිමි වරුන් ඇතුළු ඇතුළු බෞධ්‍ය පුජක පක්ෂයට මෙම කර්තව්‍ය රාජ්‍ය අනුග්‍රහය ඇතුව භාර දිය යුතුය. 

මේ සඳහා මා යෝජනා කරනුයේ ඉදිරි වසරක කාලයක්  තුල සියලුම ධර්ම දේශනා පන්සිල් පද පහ ඉලක්ක කරමින් දේශනා කරන ලෙස සංඝ කතිකාවතක් ඇති කර ගැනීමයි. එහිදී,  පන්සිල් පද පහ රැකීමේ අනිසංශ,  පන්සිල් පද පහ කැඩීමේ ආදීනව සහ  පන්සිල් පද පහ රැකීමේ ක්‍රම සහ විධි (TECHNQUES) දේශනා කිරීම කල හැක. වසරක් තුල රටෙහි සියලුම ස්වාමින් වහන්සේලා පන්සිල් පද පහ පිලිබඳ ධර්ම දේශනා කිරීම තුලින්  ඇතිවන සමජ කතිකාවත තුලින් රටට විශාල සේවයක් සිදුවනු ඇත.  එසේ නොමැතිව,  මුලික ශීලයක් නොමැතිව, විවිධ මාතෘකා ඔස්සේ (කථින චීවර පුජාවේ අනිසංශ, දානය,  අභිධර්මය යන දී) දේශනා කිරීම තුලින් නිශ්චිත ඉලක්කයක් කරා ලඟා වීම අපහසුය.

බුදු වදනට අනුව පන්සිල් රකින සමාජයක් ඇතිකළ විට සාමය, සෞභාගය  නිතැතින් ම ලැබේ.  අද ලොව බොහෝ දියුණු ජාතින් තාක්ෂනික හා කාර්මිකකරණයෙන් හෙම්බත් වී ලෝකෝත්තර සත්‍ය සොයමින් සිටීන පසුබිමක බුදු දහම ලෝක ව්‍යාප්ත කිරීම යනු අපගේ සංචාරක කර්මාන්තයම වනු ඇත. දඹදිව, අශෝක අධිරාජ්‍යයා අපට දුන් බුදු දහම ලොවට දිය හැකි ප්‍රයෝගිකතම ක්‍රමවෙධය පන්සිල් රකින සමාජයක් ඇතිකිරීමයි.

අජන්ත රත්නායක
0773601673

Share on Google Plus