පුජිත අද පාර්ලි‌‌මේන්තුවට - Info Sri Lanka News | Sinhala

පුජිත අද පාර්ලි‌‌මේන්තුවට




පොලිස්පති පූජිත් ජයසුන්දර පාර්ලිමේන්තුව හමුවට අද (05) කැඳවා තිබෙනවා. ඒ, මතභේදයට තුඩු දී ඇති පොලිස්පතිවරයාට ලැබුණු දුරකතන ඇමතුම සම්බන්ධයෙන් කරුණු විමසීමටයි.

අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා ඉකුත්දා පාර්ලිමේන්තුවේදී ප‍්‍රකාශ කළේ අදාළ සිද්ධිය සම්බන්ධයෙන් කරුණු විමසීමට පොලිස්පතිවරයා අද පාර්ලිමේන්තුවට කැඳවා ඇති බවයි.

මේ අතර අදාළ සිධිය සම්බන්ධයෙන්  ජාතික පොලිස් කොමිසමෙන්ද විමසීමක් සිදු කලවිට එහි ලේකම් ආරියදාස කුරේ පැවසුවේ මෙම සිද්ධිය සම්බන්ධයෙන් ජාතික පොලිස් කොමිසම ලෙස විමර්ශනයක් සිදු කිරීමට තමන්ට බලතල නොමැති බවයි.

පොලිස් කොමිසම කටයුතු කරනු ලබන්නේ ජේ්‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති තනතුරෙන් පහල නිලධාරීන් සම්බන්ධයෙන් බවද ඔහු කියාසිටියා.

Share on Google Plus