ඇමති සාගලත් Trail ගිහින්.


ගාල්ල කරාපිටිය රෝහලේ පිළිකා ඒකකය සදහා ආධාර එකතු කිරිම සදහා පේදුරු තුඩුවේ සිට දෙවුන්දර තුඩුව දක්වා සංවිධානය කරනු ලැබූ TrailSL පාගමනේ අවසන් අදියර අද උදෑසන මාතර බෝධීන් වහන්සේ අභියසින් ආරම්භ විය.

මෙම අවස්ථාවට TrailSL පාගමනේ නිල තානාපතිලෙස කටයුතු කරනු ලබන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක මහේල ජයවර්ධන මහතා සමඟ නීතිය හා සාමය හා දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා, අමාත්‍ය මංගල සමරවීර මහතා, රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ ඇතුළු තවත් දේශපාලන නායකයින් සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඇතුලු මහජනතාව විශාල පිරිසක්ද එක්විය.

දින ගණනක් පුරා පැවති පා ගමන දෙවුන්දර තුඩුව කරා ලගාවීම සංකේතවත් කරමින් දෙවිනුවර ප්‍රදීපාගාරය අසලින් නිමාවට පත්විය.

මෙම පාගමනට ආධාර පිණිස සණස සංවර්ධන බැංකුවේ මාතර ශාඛාව විසින් ලබාදෙනු ලැබූ චෙක්පත සංකේතතාත්මකව "තරණය" පාගමනේ සංවිධායක කණ්ඩායමට ප්‍රදානය කිරීමද අමාත්‍ය සාගල රත්නායක මහතා අතින් සිදුකරනු ලැබිණි.

Share on Google Plus

0 comments:

Post a Comment