චීන සංචාරයට මහින්දට පහසුකම් සපයන්න රනිල්ගෙන් උපදෙස්‌.


චීනයේ සංචාරයක නිරත වීමට සූදානමින් සිටින හිටපු ජනාධිපති මහින්ද රාජපක්‌ෂ මහතාට අවශ්‍ය රාජ්‍ය තාන්ත්‍රික පහසුකම් අඩුවකින් තොරව සපයන ලෙස අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විදේශ කටයුතු අමාත්‍යාංශයට උපදෙස්‌ දී තිබේ.

හිටපු ජනාධිපතිවරයා ලබන 23 වැනිදා සිට සතියක කාලයක්‌ චීනයේ සංචාරයක නිරත වීමට නියමිතය. චීන රජයේ නිල ආරාධනාවෙන් මහින්ද රාජපක්‌ෂ මහතා මෙම සංචාරයේ යෙදෙන බැවින් ඊට අදාළ සියලු රාජ්‍ය තාන්ත්‍රික පහසුකම් සපයන ලෙසද අගමැතිවරයා උපදෙස්‌ දී ඇත.

Share on Google Plus

0 comments:

Post a Comment