ඇමති රාජිත විශේෂ හෙළිදරව්වක් කිරීමට සැරසෙයි.


ආවා කල්ලිය තමාගේ අනුදැනුම මත ආරම්භ කර නොමැති බවට හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ විසින් සිදුකර ඇති ප්‍රකාශය සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරන බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න පවසනවා.

ඔහු පෙන්වා දෙන්නේ මෙම කල්ලියේ ආරම්භය පිළිබද ඉදිරියේදී සියලූ විස්තර හෙළිදරව් කරන බවයි.

ආවා කල්ලිය හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂගේ අනුදැනුම මත ආරම්භවූවක් බව අමාත්‍ය රාජිත සේනාරත්න කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී ඉකුත් දා ප්‍රකාශ කළා.

කෙසේ වෙතත් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ එම චෝදනාව ප්‍රතික්ෂේප කළා.

හිටපු ආරක්ෂක ලේකම්වරයාගේ මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න පෙන්වා දෙන්නේ තමන් ඉදිරියේදී මේ පිළිබද විශේෂ හෙළිදරව් කිරීමක් සිදුකරන බවයි.

Share on Google Plus

0 comments:

Post a Comment