පර්පචුවල් ගැන මුදල් මණ්ඩලයේ පරීක්ෂණ මූලික අවසන්.


මහ බැංකුවේ බැඳුම්කර මිලදී ගැනීමේදී අක්‍රමිකතාවක් සිදුකළ බවට චෝදනා ලැබ සිටින පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගම සම්බන්ධයෙන් මුදල් මණ්ඩලය සිදුකළ මූලික මට්ටමේ පරීක්ෂණය අවසන් බව මහ බැංකු අධිපති ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා පවසයි.

කෙසේ වෙතත් දැනට පවතින නීතිමය කටයුතු හේතුවෙන් තමන්ට මේ ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් කිසිවක් ප්‍රකාශ කළ නොහැකි බවද ඒ මහතා සඳහන් කළේය.

හෙතෙම මේ අදහස් පළකළේ අද (28දා) පෙරවරුවේ මහ බැංකුවේදී පැවැති මාධ්‍ය හමුවකදීය.

"මට සඳහන් කරන්න පුළුවන් වෙන්නෙ මේ පර්පචුවල් සමාගම සම්බන්ධයෙන් මුදල් මණ්ඩලය යම් ක්‍රියාමාර්ග ගත්තා කියලා විතරයි. දැනට නීතිමය කාරණාවක් පවතින නිසා වගේම වෙළෙඳ පොළේ පවතින සංවේදීතාව සලකලා මට ඒ සම්බන්ධයෙන් කරුණු අනාවරණය කරන්න බැහැ. ඒත් කල්යනවිට මේ කරුණු හෙළිදරව් වේවි" යනුවෙන් ඒ මහතා වැඩිදුරටත් සඳහන් කර සිටියේය.

Share on Google Plus

0 comments:

Post a Comment