“විශ්වාසභංගයක් ආවොත් අපි අගමැති සමගයි”


මහ බැංකු බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් අගමැතිවරයාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත්වුවහොත් ජනාධිපතිවරයා ද ඇතුළුව සම්පූර්ණ කැබිනට් මණ්ඩලයම අගමැතිවරයා සමග ඊට මුහුණ දෙන බව රජයේ ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න පවසයි.

එය විපක්ෂයට භූමරංගයක් වනු ඇතැයි අමාත්‍යවරා පැවසුවේ අද (නොවැ. 02) පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවෙදීන් නැගූ ප්‍රශ්නවලට ප්‍රතිචාර දකිවමිනි.

කෝප් වාර්තාවේ කිසිදු තැනක අගමැතිවරයා මෙම ගනුදෙනුවට සම්බන්ධ බවට චෝදනා එල්ලවී නොමැති බව පෙන්වාදුන් රාජිත සේනාරත්න අමාත්‍යවරයා, එසේ වුව ද මෙම චෝදනාව නැගුණු විට ඉතා ඉක්මණින් නිසි ආකාරයට එම වාර්තාව නීතිපතිවරයාට යොමු කිරීමෙන් අගමැතිවරයා තමන්ගේ වගකීම ඉටුකර ඇති බව ද පැවසුවේය.

අද මේ සම්බන්ධයෙන් රජයෙන් ප්‍රශ්න කරන මාධ්‍යවේදීන් පසුගිය ආණ්ඩුව සමයේදී කෝප් වාර්තා පිළිබඳව ප්‍රශ්න කළහොත් ඔවුන්ට ද ලසන්ත වික්‍රමතුංගට අත්වූදේ විය හැකිව තිබූ බව අමාත්‍යවරයා පැවසුවේ, වෙනස එය බව පෙන්වා දෙමිනි.

Powered by Blogger.