මෛත්‍රී ට්‍රම්ප්ගේ සහාය ඉල්ලයි



මෙරටට එල්ල වී ඇති චෝදනාවලින් සම්පූර්ණයෙන්ම මෙරට නිදහස් කර, නිදහසේ සිටිය හැකි සමාජයක් ගොඩනගා ගන්නට ඉඩ දෙන්නැයි නව ඇමෙරිකානු ජනාධිපතිවරයාගෙන් තමන් ඉල්ලා සිටි බවත්, ආණ්ඩුවක් ලෙස රට ඉදිරියට රැගෙන යාමේදී ඇමෙරිකාවේ සහයෝගය ලබාදෙන්නැයිද ඔහුගෙන් ඉල්ලා සිටි බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය.

ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ ඉකුත්දා (26දා) ගාල්ල නගර ශාලාවේ පැවැති ගාල්ල දිස්ත්‍රික් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජික ප්‍රවර්ධන වැඩසටහනට එක්වෙමිනි.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිෂන් සභාවට මෙරට සම්බන්ධයෙන් ඉදිරිපත්ව ඇති බරපතළ යෝජනාව දුර්වල කර, ඇමෙරිකාව හා ශ්‍රී ලංකාව එකඟත්වයෙන් ඇති කරගෙන තිබෙන යෝජනාව ඇමෙරිකාවේ අලුත් ජනාධිපතිවරයාට යොමු කරන බවද ජනාධිපතිවරයා කියා සිටියේය.

වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා, "ඔබ දන්නවා ඇමෙරිකාවේ අලුත් ජනාධිපතිවරයෙක් පත් වුණා. මම ඊයේ පෙරේදා එතුමාට මගේ විශේෂ පණිවුඩයක් යැව්වා අපට ආණ්ඩුවක් විදියට කරගෙන යාමේදී ඇමෙරිකාවේ සහයෝගය දෙන්න කියලා. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිෂන් සභාවට ආපු බරපතළ යෝජනාව දුර්වල කරලා ඇමෙරිකාව හා ශ්‍රී ලංකාව එකඟත්වයෙන් ඇති කරගෙන තිබෙන යෝජනාව මම ඇමෙරිකාවේ අලුත් ජනාධිපතිතුමාට යොමු කරනවා, සාකච්ඡා කරනවා. මම විශේෂ නියෝජිතයන් අරිනවා. මේ තත්ත්වයෙන් සම්පූර්ණයෙන්ම මගේ රට නිදහස් කරලා අපට නිදහසේ ඉන්න පුළුවන් සමාජයක් ගොඩනගාගන්න දෙන්න කියලා මම අලුත් ජනාධිපතිතුමාට ඉල්ලීමක් කරනවා" යනුවෙන්ද කියා සිටියේය


Share on Google Plus

0 comments:

Post a Comment