ජනපති වෙබ් අඩවිය හැක් කළ සිසුවා ජනපති හමුවෙයි.


ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නිල වෙබ් අඩවියට අනවසරයෙන් ඇතුල්වී එහි දත්ත වෙනස් කිරීමේ සිදුවීමට අදාළ පාසල් සිසුවා සිය දෙමාපියන් සමග අද (17දා) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවූ බව ජනපති මාධ්‍ය අංශය නිවේදනය කරයි. 

සිසුවා වෙනුවෙන් මෙහිදී විශේෂ තිළිණයක්ද ජනපතිවරයා විසින් පිරිනැමූ බවත් ඔහුගේ ඉදිරි අධ්‍යාපන සාර්ථක කර ගැනීමට ආශිර්වාද කළ බවත් ජනපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ වෙයි.



Share on Google Plus

0 comments:

Post a Comment