කථානායකතුමන්ගේ නිවේදන.


2017 අය වැය විවාදය ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාව ඔස්සේ සජීවීව විකාශය කිරීම පිළිබඳව ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාවෙන් ගරු කථානායකතුමන් විසින් කරන ලද ඉල්ලීම පරිදි  පහත සඳහන් ආකාරයට සජීවී විකාශය සඳහා කටයුතු සම්පාදනය කර ඇත. 

2016 නොවැම්බර් 21 වෙනි දින සිට 2016 දෙසැම්බර් 10 වෙනි දින දක්වා, නොවැම්බර් 21,23,25 දිනයන් හැර පෙ:ව 09.30 සිට ප:ව 06.30 දක්වා අය වැය විවාදය අයි නාලිකාව ඔස්සේ සජීව ලෙස විකාශය කෙරේ.  ශ්‍රී ලංකා, සිම්බාබ්වේ, බටහිර ඉන්දීය කොදෙව් දූපත් අතර ක්‍රිකට් තරගාවලිය නොවැම්බර් 21,23,25 දිනවල දහවල් 12.30 සිට රාත්‍රී 08.45 දක්වා අයි නාලිකාවේ විකාශය කිරිමට ගිවිසගෙන ඇති බැවින්, එම දිනවල පමණක් අදාල සජීව විකාශය පෙ:ව 09.30 සිට දහවල් 12.30 දක්වා අයි නාලිකාවේ ද ප:ව 01.00 සිට ප:ව 06.30 දක්වා රූපවාහිනි පළමු නාලිකාවේ ද විකාශය කිරීමට ද සැලසුම් කර ඇත. 

Share on Google Plus

0 comments:

Post a Comment