ශ‍්‍රිලනිපය වෙනම තීන්දුවක් - එජාපය වෙනම තීන්දුවක..


ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය විසින් මහ බැංකුවේ බැදුම්කර සිද්ධිය සම්බන්ධයෙන් කමිටුවක් පත් කර ඇත.

ඇමති නිමල් සිරිපාල ද සිල්වාගේ මූලිකත්වයෙන් පත් කර ඇති එම කමිටුව විසින් ජනාධිපතිවරයාට කඩිනම් වාර්තාවක් ලබාදීමට නියමිතය.

සාමාජිකයින් හය දෙනෙකු සහික මෙම කමිටුයේ සෙසු සාමාජිකයින් වන්නේ සරත් අමුණුගම, අනුර ප්‍රියදර්ශන යාපා, ජොන් සෙනවිරත්න, ලක්ෂමන් යාපා අබේවර්ධන, ඩිලාන් පෙරේරා, ලසන්ත අලගියවන්න යන ඇමතිවරුන්ය.

එක්සත් ජාතික පක්‍ෂ නායක අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා අදාල කෝප් වාර්තාව සම්බන්ධ නීති උපදෙස් සදහා නීතිපතිවරයාට යොමු කර ඇති තත්වයක් යටතේ ආණ්ඩුවේ ශ‍්‍රීලනිප-එජාප දෙපාර්ශවයන් විසින් එකම කාරණාවක් සම්බන්දයෙන් වෙනස් ක‍්‍රියාමාර්ග ගැනීම විශේෂය.

Share on Google Plus

0 comments:

Post a Comment