අජිත් නිවාඩ් කබ්රාල් FCIDයට.


හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතාව මේ වනවිට පොලිස් මූළ්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය වෙත කැඳවා ඇති බව වාර්තා වේ.

2018 පැවැත්වීමට නියමිත පොදු රාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙල ලංකාවේ පැවැත්වීමට පොදුරාජ්‍ය මණ්ඩලයේ එකඟතාවය ඇති කර ගැනීම සඳහා ඒ ඒ රටවල හිත දිනාගැනීමට අවශ්‍ය ප්‍රවර්ධන කටයුතුවලදී සිදු කර ඇති රාජ්‍ය මුදල් අවභාවිතාවක් සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සඳහා ඔහු මෙසේ ගෙනවිත් ඇති බව පැවසේ.

මීට පෙර පසුගිය ඔක්තොම්බරු 03වනදාද මෙලෙසම කබ්රාල් මහතාව පොලිස් මූළ්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය වෙත කැඳවා මේ සම්බන්ධයෙන් ප්‍රශ්න කර ප්‍රකාශයක් සටහන් කරගෙන තිබිණි.

එම ප්‍රවර්ධන කටයුතුවලට මුදල් එක් රැස් කිරීමට රාජ්‍ය සමාගමක් ලෙස පිහිටුවා ගත්  CWG Hambantota 2018 (Pvt) Ltd ආයතනයට ලැබී ඇති රුපියල් මිලියන 690වක මුදල් වියදම් කිරීමේදී සිදු කර ඇති අයභාවිතා සම්බන්ධයෙන් මෙතෙක් සිදු කළ පරීක්ෂණවලදී අනාවරණය වී ඇති කරුණු මත මෙසේ ඔහු නැවත ගෙන්වා ප්‍රශ්න කරන බව වාර්තා වේ.

උක්ත ආතනයේ ගිණුමට බැරකිරීමට සඳහා විවිධ ආයතන සහ පුද්ගලයින් විසින් ලබා දී ඇති රුපියල් මිලියන 25කට අධික මුදලක් එම ගිණුමට බැර කර නැති බව එම විමර්ශනවදී අනාවරණය වී ඇත.

මේ වනවිට එම ගිණුමේ ඉතිරිව ඇති ශේෂය රුපියල් 245ක් බවද පැවසේ.

අජිත් නිවාඩ් කබ්රාල්, මහින්දානන්ද අළුත්ගමගේ සහ නාමල් රාජපක්ෂ මෙම සමාගමේ සම සභාපතිවරුන් ලෙස කටයුතු කර ඇති අතර උදය සෙනෙවිරත්න, අනිල් නලින් අර්ටිගල, නාලක ගොඩහේවා, ප්‍රියන්ත කුමාර රත්නායක සහ රානි ජයමහ යන අය එහි අධ්‍යක්ෂවරුන් ලෙස කටයුතු කර තිබේ.

Share on Google Plus

0 comments:

Post a Comment