චන්දිම වීරක්කොඩිත් සජිත්ගේ අඩිපාරේම.


ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය චන්දිම වීරක්කොඩිද අමාත්‍ය සජිත් ප්‍රේමදාස මෙන් ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ රැකියා ලබාදීමේදී අන්තනෝමතික හා අසාධාරණ ලෙස තමන්ගේ ආධාරකරුවන්ට පමණක් රැකියා ලබාදීම සිදු කරමින් සිටින බව වාර්තා වේ.

චන්දිම වීරක්කොඩි අමාත්‍යවරයා විසින් මෙසේ රැකියා විරහිත තරුණ තරුණියන්ට අසාධාරණයක් වන ලෙස නීති විරෝධීව රැකියා ලබා දීමේ ක්‍රියාව කිහිපවතාවක් සිදු කර ඇති අතර මෑතකදී ඔහුගේ මෙහෙයවීම මත නිදහස් පක්ෂ සාමාජිකයන් හා ඔහුගේ ආධාර කරුවන් පමණක් ඇතුලත් වන පරිදි ආරක්ෂක නිලධාරි C-4 තනතුරට බදවා  ගැනීම් කර ඇත.

බදවා ගත් බොහෝ දෙනා ගාල්ලේ සහ දකුණු පළාතේ වීම විශේෂත්වයකි. ඒ අනුව ඔහු සිය ඉදිරි මැතිවරණ ජය ගැනීමේ අපේක්ෂාවේ දේශපාලන අල්ලසක්ද ලබා දී තිබේ.

තවද ඉදිරියේදී සාමාන්‍ය කම්කරු C-6 තනතුර සදහා ඔහුගේ ආධාර කරුවන් ඇතුළත් 160ක ලයිස්තුවක් පිළියෙළ කර ගෙන ඇති බව හා අනෙකුත් සියලු අයදුම් පත්‍ර කපා හැර ඔහුගේ පිරිස් පමණක් බදවා ගැනීමට කටයුතු කරමින් සිටි.

2016.10.28 වැනි දින සාමාන්‍ය කම්කරු C-6 තනතුර අයදුම් පත්‍ර එවූ දහස් ගණනක් සිටියදී ඔහුගේ ආධාර කරුවන් 150ක පමණ පිරිසක් සම්මුඛ පරීක්ෂණයකට කැදවා ඇත. අනිකුත් අයදුම් කරුවන්ට සම්මුඛ පරීක්ෂණයට පැමිණීමට පවා ලිපි යොමු කර නොමැත. තවද මෑතකදී B-3 (ටයිපිස්ට් හෝ ක්ලාක්) තනතුරට අදාළ පුරප්පාඩු අමාත්‍යාංශ වෙබ් අඩවියේ සදහන් කර පැයකින් පමණ ඉවත් කර තිබිණි.

මේ සම්බන්ධයෙන් අයදුම් කිරිමට අපේක්ෂාවෙන් පසු වූ තරුණ තරුණියන් ප්‍රධාන කාර්යාලයට ඇමතුමක් දී විමසූ විට මේවා ඉහළින් එන නියෝග ලෙස සදහන් කර ඇත. 

මේ අයුරින් පුවත්පත්වල හෝ නොදමා රහසේම බදවා ගැනීම් සිදු කරමින් පවතින අතර කලින් රජය පැවති සමයේදීද මේ ආකාරයට කලින් කලට අදාල අමාත්‍යංශය බාර ඇමතිවරයා විසින් සේවකයින් බදවා ගත් අතර යහපාලනය යටතේද එවෙනිම දේ සිදුවෙමින් පවතියි.


Share on Google Plus

0 comments:

Post a Comment