CSN සංඛ්‍යාත විකුණන්න බෑ. - Info Sri Lanka News | Sinhala

CSN සංඛ්‍යාත විකුණන්න බෑ.


විකාශන බලපත්‍රය අත්හිටුවා තිබෙන සී.එස්.එන් රූපවාහිනි නාලිකාව සතු විදුලි සංඛ්‍යාත ලබන නොවැම්බර් 16 වැනිදා තෙක් අන්සතු නොකර එම තත්ත්වයෙන්ම පවත්වාගෙන යන ලෙස අභියාචනාධිකරණ අද (01) නියෝගයක් නිකුත් කළේය.

එම නාලිකාවේ විකාශන බලපත්‍රය අත්හිටුවීම සම්බන්ධයෙන් ජනමාධ්‍ය ලේකම්වරයා, විදුලි සංදේශ නියාමන කොමිසම එහි අධ්‍යක්ෂ ජනරාල්වරයා ඇතුලු වගඋත්තරකරුවන් 4දෙනෙකුට ලබන 16 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිට කරුණු දක්වන ලෙසට නොතීසි නිකුත් කළේය.

එම නාලිකාවේ රෑපවාහිනි බලපත්‍රය අත්හිටුවීමට එරෙහිව කාල්ටන් ස්පෝර්ට්ස් නෙට්වර්ක් සමාගම විසින් ගොනු කළ රිට් පෙත්සමක් අද සලකා බලමින් අභියාචනාධිකරණය මෙම තීන්දුව ලබා දෙන ලදී.

අභියාචනාධිකරණ සභාපති විනිසුරු විජිත් මලල්ගොඩ සහ වින්සුරු ප්‍රීති පද්මන් සූරසේන යන මහතවරුන් හමුවේ පෙත්සම කැඳවිණි.

Share on Google Plus