ආණ්ඩුවට උපදෙස් දෙන්න අනුරට අරාධනාවක් - Info Sri Lanka News | Sinhala

ආණ්ඩුවට උපදෙස් දෙන්න අනුරට අරාධනාවක්





හිටපු කෘෂිකර්ම ඇමතිවරයෙකු මෙන්ම, කෘෂි කර්මාන්තය පිළිබඳව අවබෝධයක් ඇති පුද්ගලයෙකු වශයෙන් ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතාට කෘෂිකර්ම අමාත්‍යාංශය හා එක්ව වැඩ කිරීමට ආරාධනා කරන බව කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පාර්ලිමේන්තුවේදී පැවැසීය.

කෘෂිකර්ම අමාත්‍යාංශය පිළිබඳ වැය ශිර්ෂයට අදාළ පාර්ලිමේන්තු විවාදයට එක්වෙමින් කෘෂිකර්ම අමාත්‍යවරයා මෙම ආරාධනාව කළේය. 

කෙසේවෙතත් අනුර කුමාර දිසානායක මහතාගෙන් මේ වනතෙක් කිසිදු ප්‍රතිචාරයක් ලැබී නැත.


Share on Google Plus