සිරසේ අශෝක ඩයස් 'මව්බිම' උපදේශය ධුරයට.


කැපිටල් මහරජා ආයතනය සතු 'සිරස' මාධ්‍ය ජාලයේ ප්‍රධානියකු වන ප්‍රවීන මාධ්‍යවේදී අශෝක ඩයස් මහතා 'මව්බිම' පුවත්පත් සමාගමේ කර්තෘ මණ්ඩල උපදේශක ලෙස පත්කර ඇත.

කැපිටල් මහරජා ආයතනයේ සභාපති සහ කළමණාකාර අධ්‍යක්ෂ ආර්. රාජා මහේන්ද්‍රන් නොහොත් කිලි මහරාජා මහතා විසින් මෙම පත්වීම සිදුකර ඇත්තේ, මව්බිම පුවත්පතේ හිමිකාර ටිරාන් අලස් මහතා රිමාන්ඩ් භාරයට පත්වූ අවස්ථාවේදීය.

කිලි මහේන්ද්‍රන් මහතාගේ මාධ්‍ය ජාලය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට පක්ෂපාති වුවකි.

'මව්බිම' පුවත්පත් සමාගමේ කර්තෘ මණ්ඩල උපදේශක ලෙස කටයුතු කල තුෂාර ගුණරත්න සහ 'ඉරිදා මව්බිම' පුවත්පතේ කර්තෘ ලෙස කටයුතු කල ජනප්‍රිය දේශපාලන විශ්ලේෂක උපුල් ජෝසෆ් ප්‍රනාන්දු යන මහත්වරුන් එම ආයතනයෙන් පසුගියදා ඉල්ලා අස්විය.

ඔවුන් දෙදෙනා මේවනවිට බැඳුම්කර සිද්ධියෙන් ජනප්‍රියත්වයට පත් අර්ජුන් ඇලෝසියස් මහතා විසින් ආරම්භ කිරීමට නියමිත මාධ්‍ය ජාලයට එක්ව සිටිති.

එම පුවත්පත ඉදිරි ජනාධිපතිවරණයකදී එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතාට සහය දැක්වීමේ අරමුණින් ආරම්භ කරන ලද්දක් බව පැවසෙන අතර, මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා එහි සම්බන්ධිකාරක ලෙස කටයුතු කරයි.

Share on Google Plus

0 comments:

Post a Comment