'ආවා' ආපු හැටි රාජිත හෙළිකරයි.


උතුරේ ක්‍රියාත්මක වන බව කියන 'ආවා' නම් කණ්ඩායම පසුගිය රජයේ හිටපු ආරක්ෂක ලේකම්ගේ අනුදැනුම මත ගොඩනඟන ලද මැර කල්ලියක් බව රජයේ කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.

ඔහු මේ බව ප්‍රකාශ කලේ අද රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදීයි.

එසේම අදාල කල්ලිය අද දවසේද ක්‍රියාත්මක වන්නේ හිටපු ආරක්ෂක ලේකම්වරයාගේ අවශ්‍යතා අනුව බවත් එය ගොඩනැඟු හමුදා නිලධාරියාව තමා දන්නා බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

Share on Google Plus

0 comments:

Post a Comment