මන්ත්‍රීන් 56කට තුන්කෝටි තිස්ලක්ෂයක මාසික කුලියට වාහන!


ප්‍රාදේශිය සංවර්ධන කමිටුවල සභාපතිත්වය දරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට දැනට ලබාදෙන රුපියල් ලක්ෂ දෙකක ප්‍රවාහන දීමනාව වෙනුවට ඊට වඩා වැඩි මුදලක කුලී පදනමින් ගත් වාහනයක් ලබාදීමට ආණ්ඩුව තීරණය කර ඇතැයි වාර්තා වේ.

පෞද්ගලික සමාගමකින් කුලී පදනම මත එසේ ලබා ගන්නා එක් වාහනයක් වෙනුවෙන් මසකට රුපියල් පන්ලක්ෂ අනුදහසක (රු. 590,000) පමණ මුදලක් මහා භාණ්ඩාගාරයෙන් ගෙවීමට නියමිත බවද පැවසේ. ඒ අනුව එම මන්ත්‍රීවරු 56 දෙනා සඳහා එක් මාසයකට රුපියල් තුන් කෝටි තිස්ලක්ෂ හතලිස්දහසක (රු. 33,040,000) මුදලක් වැය කිරීමට මහා භාණ්ඩාගාරයට සිදු වේ. එය වසරකට ගණන් බැලූ විට රුපිල් තිස්වනකෝටී හැටහතර ලක්ෂ අසූදහසක (රු. 396,480,000) මුදලක් වැය වේ.

ඒ සඳහා මීට අමතරව 15%ක වැට් බද්ද සහ 2%ක ජාතිය ගොඩනැගීමේ බද්දද ඇතුළත් වී ඇති බවද වාර්තා වේ.

වාහන ලබා ගැනීම සඳහා ටෙන්ඩර් කැඳවා ඇති අතර ඊට ඉදිරිපත් වූ සමාගම් තුනකින් එක් සමාගමක් දැනටමත් මේ සඳහා තෝරාගෙන ඇත.
ඇමතිවරුන්, රාජ්‍ය ඇමතිවරුන් නොවන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 56 දෙනෙකු ප්‍රාදේශීය සංවර්ධන කමිටුවල සභාපතිත්වය දරන බව දැනගන්නට ඇත. 

මීට පෙර වත්මන් ආණ්ඩුව විසින් වාහන දීමනාව ලබා දීමට ගනු ලැබූ ප්‍රතිපත්තිය අනුව දැනට ඔවුන්ට වාහන පාවිච්චිය සඳහා මසකට ලක්ෂ දෙකක දීමනාවක් ගෙවන අතර ඒ හා සැසඳිමේදී වසරකට රුපියල්  විසිහයකෝටි විසිලක්ෂ අසූදහසක (රු. 262,080,000) මුදලක් මහා භාණ්ඩාගාරයෙන් වැඩිපුර වැය කිරීමට සිදුව තිබේ.

Share on Google Plus

0 comments:

Post a Comment