උතුරු මැද මහ ඇමති මිලියන 42ක රථයක් ගෙන්වයි.


ආණ්ඩු කිහිපයක පාලනය යටතේ නොවිසඳුණු ගැටලු දහසක් හමුවේ ජනතාවට විසඳුම් නොලැබෙද්දී උතුරු මැද පළාත් ප්‍රධාන අමාත්‍යවරයාට රුපියල් ලක්ෂ 420 (මිලියන 42ක්) වියදමින් වී - එයිට් වර්ගයේ අධිසුඛෝපභෝගී මෝටර් රථයක් ඇණවුම්කර තිබෙන බව උතුරුමැද පළාත් සභාවෙන් වාර්තා වෙයි. 

උතුරුමැද පළාත් සභාවේ නිල කාලසීමාව අවසන් අදියරේ තිබියදී මෙතරම් විශාල මුදලක් වැයකර ජපානයේ නිෂ්පාදිත අධිසුඛෝපභෝගී ජීප් රථයක් මෙරටට ආනයනය කිරීමට පළාත් සභාවේ ඉහළ රජ්‍ය නිලධාරියෙකු පසුගියදා අනුමැතිය ලබාදෙමින් ඊට අත්සන් යොදා තිබෙන බව උතුරු මැද පළාත් සභා ආරංචි මාර්ග සඳහන් කරයි.

මීට මසකට පමණ ඉහතදී එම අධිසුඛෝපභෝගී ජීප් රථය ප්‍රධාන අමාත්‍යධුරය සඳහා ඇණවුම් කර ඇති අතර තවත් සති තුනක පමණ කාලයකදී එය මෙරටට ගෙනඒමට නියමිතය.

Share on Google Plus

0 comments:

Post a Comment