මැරතන් යෝ ගේ වීසා කැන්සල්.


මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ මහතා ඕස්ටේ්‍රලියාව බලා යෑම සඳහා ඕස්ටේ්‍රලියානු තනාපති කාර්යාලයෙන් වීසා ඉල්ලුම් කර තිබුණ ද එය ප්‍රතික්ෂේප කර ඇත.

තානාපති කාර්යාල ආරංචි මාර්ග සඳහන් කරන්නේ යෝෂිත රාජපක්ෂ මහතාට එල්ල වී ඇති සී.එස්.එන්. ආයතනය හරහා මුදල් විශුද්ධිකරණය, අත්අඩංගුවට පත් වී ඇප මත සිටීම හා පාදයේ ආබාධයක් පවතින බව අධිකරණය හමුවේ පවසා ඊට දින 4 කට පසු ඔහු කලම්බෝ මැරතන් තරගාවලියට සහභාගී වීම මඟින් ඔහුව විශ්වාස කළ නොහැකි පුද්ගලයකු බව හැඟී යාම යන කරුණු  මෙලෙස වීසා අයදුම්පත ප්‍රතික්ෂේප කිරීමට හේතු වී ඇති බවය.

පසුගිය සැප්තැම්බර් 28 වන දා තමාට සැත්කමක් කිරීමට තරමේ ආබාධයක් දණහිසේ සහ වළලුකරේ තිබෙන බැවින් වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම වෙනුවෙන් විදේශගත වීම සඳහා අවසර ලබා දෙන ලෙස එම මහතා ස්වකීය නීතිඥවරුන් මාර්ගයෙන් කොළඹ මහාධිකරණයෙන් ඉල්ලා තිබිණි. ඒ අනුව විදේශ බලපත්‍රය මුදාහැරීමට කොළඹ මහාධිකරණය තීරණය කර තිබේ. එහෙත්  ඔක්තෝබර් 02 වන දා කිලෝමීටර් 42 ක් දුරැති මැරතන් තරගයට ඔහු සහභාගි වී සිටියේය.

කෙසේ නමුත් යෝෂිත රාජපක්ෂගේ පෙම්වතිය වන, යොහානා රත්වත්තේ මේ වන විට ඕස්ටේ්‍රලියාවේ මෙල්බර්න්හි උසස් අධ්‍යාපනය හදාරමින් සිටින බව ද වාර්තා වේ.

Share on Google Plus

0 comments:

Post a Comment