වීරවංශලාගේ මැරයින්ගෙන් මාධ්‍යවේදීන්ට මරණ තර්ජන!


විමල් වීරවංසගේ මැරයන් වෙබ් අඩවිවල කත්තෘ වරුන්ට මරණ තර්ජන එල්ල කර සිය නිවසේ මිය ගිය ලහිරුනම් තරුණයාගේ සියලුම ප‍්‍රවෘති ගලවා දමන්නැයි බලපෑම් කරමින් සිටින බවත් සිය කතුවරයෙකුට ඊයේ (30) සවස මරණ තර්ජන එල්ලකොට ඇති බවත් ගොසිප්99 වෙබ්අඩවිය ප්‍රවෘත්තියක් පළ කරමින් සඳහන් කරයි.

එක්අ වස්ථාවකදී උඩුවේ ධම්මලෝක හිමියන් අලි පැටවකු අනවසරෙන් සගවාගෙන සිටියදී අත්අඩංගුවට ගැනීමේ සිදු වීම පාදක කරගෙන එම අලි පැටවා, බල්ලන් බළලුන් පන්සල්වල දමා යන්නා සේ පන්සලේ මදා ගොස් සිටි අලි පැටවකු යැයි කීමට තරම් ඔහු තම කට උගස් කළද අද තම දරුවන් වෙනුවෙන් මාධ්‍ය ඉදිරියේ කිසිවක් කීමට ඉදිරිපත් නොවීම තුළ ඔහු පහත් දේශපාලන අරමුණු ඇති පුද්ගලයකු ලෙස පෙණෙන බවත් අවධාරණය කරන ගොසිප්99 වෙබ්අඩවිය වැඩිදුරත් පවසන්නේ තම ආයතනයේ සේවය කරන යම් සේවයකුට පැහැර ගැනීමක් හෝ කිසිදු කරදරයක් වූවොත් එය විමල් වීරවංස ඇතුළු පිරිස වගකිවයුතු බවයි.

මේ වනවිටත් විමල් වීරවංස සිය බිරිඳව මාධ්‍ය ඉදිරියට යවමින් තමා නිවසේ නොසිටි බව ප‍්‍රකාශකරවමින් මාධ්‍ය මගහරිමින් සිටින බවත් එම වෙබ් අඩවිය අවධාරණය කරයි. 

රාජපක්ෂලා කරන සැම හොරකමකින්ම ඔවුන් බේරාගන්න කට පාවිච්චි කරන වීරවංස අද තම දරුවන් සහ බිරිද වෙනුවෙන් ඉදිරිපත් නොවීම තුළම මෙම මරණයේ සැගවුණු කතාවක් ඇතිබව ඉහළ පෙලේ ආරංචි මාර්ග දන්වා සිටින්නේ යැයිද ගොසිප්99 වෙබ්අඩවිය සිය ප්‍රවෘත්තියේ තව දුරටත් සඳහන් කරයි.

Share on Google Plus

0 comments:

Post a Comment