බස්නාහිර මහ ඇමතිට මාධ්‍යයෙන් දොස්.


රටේ දේශපාලන තත්ත්වය පිළිබඳව කරුණු පැහැදිලි කිරීමට බව කියමින් බස්නාහිර පළාත් ප‍්‍රධාන ඇමැති ඉසුර දේවප‍්‍රිය මහතා විසින් අද (24) පෙරවරුවේ කැඳවා තිබූ මාධ්‍ය හමුවට  පැය එක හමාරක් ප‍්‍රමාද වී පැමිණීම නිසා මාධ්‍යවේදීන්ගේ විරෝධය එල්ල විය.

මෙම මාධ්‍ය හමුව ශ‍්‍රාවස්ති මන්දිරයේ බස්නාහිර පළාත් ප‍්‍රධාන ඇමැති කාර්යාලයේ දී පෙරවරු 10 ට පැවැත්වෙන බව මාධ්‍ය ආයතනවලට දැනුම් දී තිබිණි.

උදේ 11.30 වන විටත් මහ ඇමැති හෝ මාධ්‍ය හමුවේ සම්බන්ධීකරණ කටයුතු සිදුකළ චමුදිත සමරවික‍්‍රම ද පැමිණියේ නැත.

‘මට තවත් ජාතික උත්සවයක් තිබුණා. ඒකට ගිය නිසයි පරක්කු වුණේ. උඹලා මට ඔහොම කරන එක හොඳ ද?  මාධ්‍ය හමුව තියමු. ප‍්‍රමාදය ගැන සමාව ඉල්ලනවා’ කියමින් මහ ඇමැති එහි පැමිණ මාධ්‍ය හමුව ආරම්භ කළේය.

එවිට මාධ්‍යවේදීන් ඇසුවේ ‘‘උත්සවයකට යන්න තිබුණා නම් එය අවසන් වන වේලාව ගැන සිතා මාධ්‍ය හමුව පවත්වන වේලාව තීරණය කරන්න තිබුණා නේද?’’ යනුවෙනි.

ජනාධිපතිවරයාගේ වැය ශීර්ෂය ඉහළ යාම සම්බන්ධයෙන් නැගෙන චෝදනාවලට පිළිතුරු දෙමින් මහ ඇමැති පැවැත්වූ මාධ්‍ය හමුව විනාඩි 10කට පමණ සීමා විය.

Share on Google Plus

0 comments:

Post a Comment