රට පුරා නව නිදහස් Wi-fi කලාප 405 ක්.


නිදහස් Wi-fi ව්‍යාපෘතිය යටතේ  මහා මැතිවරණයට පෙර  පොරොන්දු වූ පරිදි රට පුරා නිදහස් Wi-fi කළාප 405ක් සක්‍රිය කිරීම පසුගිය දා බදුල්ල නගරයේදී සිදුවිය. ඒ විදුලි සංදේශ සහ ඩිජිටල් අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙනි.

ඒ අනුව සමස්ත ශ්‍රී ලංකාවම ආවරණය වන පරිදි සියලූ‍ම විශ්ව විද්‍යාල” දුම්රිය ස්ථාන” ප්‍රධාන බස් නැවතුම්පල” ප්‍රසිද්ධ උද්‍යාන” මහජන පුස්තකාල” සියලූ‍ම ශීක්ෂණ හා දිස්ත්‍රික් රෝහල්” නීති විද්‍යාලය” අධිකරණ සංකීර්ණ” දිස්ත්‍රික් ලේකම් කාර්යාල සහ කෞතුකාගාර ආදී මහජනතාව වැඩි වශයෙන් පැමිණෙන ස්ථානයන් තුල මෙම නිදහස්  Wi - Fi  කළාප (WiFi Hotspot )  ස්ථාන ගත කර ඇත.

තවත් කලාප 95 ඉදිරි මාසක කාලය තුල එනම් මේ වසර අවසන් වීමට පෙර සිදු කිරීමට නියමිතයි බව වාර්ථා වේ.

මේ සදහා දුරකතන  සන්නිවේදන ආයතන හයක් දැනට සේව ලබාදෙන අතර ලංකා කොම්, මොබිටෙල්, ටෙලිකොම්, ඩයලොග් , එටිසලාට  සහ ලංකා බෙල් යන ආයතන ඒ අතර වෙයි. මේ පිලිබදව වැඩි දුර තොරතුරු දුරකතන අංක 1919  රජ්‍ය තොරතුරු ඒකකය ඇමතීමෙන් වැඩිදුර තොරතුරැ දැනගැනීමට හැක.

Share on Google Plus

0 comments:

Post a Comment