දිල්රුක්ෂි නෝනේ, රාජිත දොඩන්නේ ඇත්තෙයි....? - Who lets the dogs out...?


අපේ ගීත සාහිත්තෙත් අමුතු අමුතු කේස් තියෙනවාය. අම්මට සිරි ලංකාව ගැන කියන ගීත වලට කියන්නේ ජාතිකාභිමානි ගී කියලාය. ඒ ගී වල තියෙන අකුරු හෙවත් ගේය පද රචනාවද මක්කද එකේ තියෙන්නේ අම්මට සිරි ලංකාවේ සිරි විභූතිය ගැනය. ඉන්දියන් සාගරේ අමුතු ඇටේට ජාතික ගීයක් ඕනෑ උන වෙලාවේ මෙහෙම සින්දු සෑට් එකක් ලියවිලා තියෙනවාය. අදටත් ටිපක් එහෙම යන වෙලාවටත්, දෙකක් දාගෙන ආතල් එකක් ගන්නා වෙලාවටත්, කියන්නේ ඒ ගීතය. 

මාතලන් මේවායින් ආසම එක, "හෙළ ජාතික අභිමානේ..." නම්, සී ටී ෆර්නෑන්ඩු නම් විශ්ව කර්මයාගේ ගීයටය. එයිට පස්සේ, සිරිමා කරත්තේ බැඳගෙන ලන්ඩන් සමාජවාදි කාරයෝ ඒ ඇටේ අපායක් කරපු කාලයෙත්, උදේ හවා ඇහුනේ, ජාතිකාභිමානි ගීතමය. ගුවන් විදුලියට අරක්ගත් සුභාවිතා ගාන්දර්වයෝ හා ගාන්දර්වියෝ නම් කුම්භාන්ඩයින් පිරිසක් විසින් ලියාපු, අමරදේව, නන්දා, ටී ඇම්, අයිවෝ එහෙම ගායනා කොල මේ රටේ නැති, ඒත් වෙන කොහේදෝ රටක තියෙන ලෝකෙන් උතුම්ම රටක් ගැන සින්දු වගයක් ගියේය.

ඔය ආකාරයට යුද්ධ කාලයේ සෝල්ජර්ලා වගේම, සිවුරු දාගත්ත මිනිමරුවෝ ලියාපු ගීතත් නැගලාම ගියේය. පට්ට සීන් එක කියන්නේ මෙයින් සම හරක් ගීත කිව්වේ විප්ලව ගීත ගායනා කල ජාතියේ මහා ගායිකාවන්ම වීය. ඔය කොහොම කොහොම හරි මේ අංජබජල් අස්සේ, ජාතික ගීය ලෙස ගායනා කළ හැකි ගී දෙකක්ම "දීපාල් සිල්වා" ගායනා කොලත් ගීත දෙකම මහින්ද ලොක්කා විසින් තහනම් කොලේය.

ඉන් එක් ගීතයක් "ඔළුව තදින් නරක් වෙච්චි... මිනිසුන් පිරිසක් පිරිච්චි.." නම් ජාතික ගීතයට සුදුසුම ගීතයයි. අනෙක් නම්, "කන්න දෙනවා නම්... අපිට බොන්න දෙනවා නම්.. මොන කෙන්ගෙඩියද තව ඕන කියන්නේ..." කියනා එකයි.. ඉස්සර සින්දු හෝ බයිලා අහන්න ගායකයෙක්ම් ඕනා උනාට, දැන් රටේ නායකයා හා ඇමති මණ්ඩලේ ගහනා බයිලා නිසා මිනිසුන්ට සංගීත බලන්න යන්නට ඕනා නැතිය. අපරාදේ කියන්නේ, ටැලිවිසොන් එකේ හැම චැනල් එකේම ඒවා නොමිලේම පෙන්වන නිසා, ගෙයින් එලියට බහින්න, වැස්සේ තෙමෙන්න, ඔළු පලාගන්න වගේ එවා වෙන්නේත් නැතිය. 

මෙහෙම බයිලා ගහන්නේ වෙන කොරන්න දෙයක් නැති නිසාය. ලොක්කාගේ පුතා බේරා ගන්නට අප්පුච්චා නැගලාම යන බයිලයක් ගැහුවේය. බයිලේ කොච්චර නැගලා ගියාද කියනවා නම්, හිටපු ජාතියේ අප්පුච්චයි එයාගේ රිලවයි කම්බා හොරුනුයි ඉතරක් නොව හැම එකාම තරඟෙට බයිලා කියන්න පටන් ගත්තේය. සම හරක් කියන විදියට එයා කියපු බයිලේ අපිට තේරිලා නැතිය. සම හරක් කියන්නේ අපි බයිලේ පටලාගෙන කියලාය. කොහොමින් කොහොම හරි උනේ, මක්කා හෝ දෙයක් කරනවා කියා පෙනුන උන්, දෙපැත්තෙන්ම හොඳි නැතිවම කාගෙන, අල්ලස් හා දුෂණ එකේ ලොක්කිට ගෙදර යන්න වීමය. 

ඊයේ රාජිත කියනා විදියට යහපාලනේ ගේන්න බැරි දිල්රුක්ෂිලා වගේ අය නිසාය. ඇත්තටම නම් රාජිතලා දිල්රුක්ෂිලාට පින් දෙන්න ඕනාය. හරියටම රස්සාව කොලා නම්, රාජිත ලොක්කා ඊයේ ඉන්න ඕනා ප්‍රෙස් කොන්පරන්ස් එකේ නෙමේය, වැලිකඩය. සමහර වෙලාවට එයාට තද වෙලා තියෙන්නේ, එයාව අල්ලලා ඇතුලට නොදාපු එක වෙන්නත් ඇතිය. මොකෝ එයාලා ආවේ යහපාලනයක්ද මක්කද මළ විගඩමක් කොරන්න කියපු නිසාය.

මේවාට බයිලා නොකියා වෙන කියන්නේ මොකක්ද කියා අපට නම් තේරෙන්නේ නැතිය. විධායකේ අත් අරිනවා කියා බලේ ගත්ත ලොක්කා කියන්නේ, දිල්රුක්ෂි නෝනලා කරන ඒවා එයාට කියන්නේ නැතිව කොරනවාය කියලාය. රාජිත කියනා විදියට ඒ නෝනා සිරිසේන ලොක්කාට කියන්නේ නැති උනාට ඔක්කෝම ටික මහින්දට කියනවාය. ඇත්තටම එහෙම එකක් උනා නම් බොහෝම කැතය. මහින්දලාගේ එකවුන්ට් එකේ සල්ලි ගන්න එමිරේට්ස් වල එමීර් තුමාට ලියාපු ලිපිය මහින්ද මහත්තයාට පෙන්නුවා නම්, ඒක හෙණ ගහනා අපරාදයක්ය. ඒ අස්සේ බුද්ධි අංශේ ලොක්කා එලවලා කියලා කියනවාය. මේ කේස් දෙකෙන් අපිට නම් ලකුණක් දිය හැක්කේ දෙවනි කාරණාවට පමණමය. 

සිරිසේන ලොක්කා ළඟ මෙන්ම ආන්ඩුවේ ඉන්නේ ඔක්කෝම මහින්දගේ බත් බැලයන්ය. උන් මහින්දට හැම දේම කියනවා කියන එක ලොක්කා දන්නේ නැති උනාට දේශපාලනය ගැන දන්න හැම එකාම දන්නවාය. කැබිනට් එකේ ඒවා නොව, සිරි ලංකා නිදහස් පක්ෂේ කන්ඩයමේ වෙන ඒවාත්, දෙන්නා තුන් දෙනා කරනා කතාත් මහින්ද මහත්තයා දන්නවාය. කොහොම නමුත් දේවල් සිද්ධ උන ආකාරයට නම් අපිට කීප දෙනෙක්ම සැකය. පළමු කෙනා අධිකරණ ඇමතිය. සමහර විට දිල්රුක්ෂි නෝනා මේක නීතිපති දෙපාර්තමේන්තුවට දැන්වූවාම, එතනින් ඇමතිටත්, ඇමතිගෙන් මහින්දටත් යන්නට ඇතිය. එමෙන්ම කවුරුත් දන්නා පරිදි, ජනපති ලේඛම් හා ආරක්ෂක ලේඛම් යන දෙන්නාම මහින්දගේ බත් බැලයන්ය. එතන තවත් සැකයකි. 

මේ සියල්ල බොරු නම් රාජිත කියන්නේ බොරුවක් වෙන්නත් පුළුවන්ය. කෙසේ වෙතත් එකවුන්ට් එක ගැන ඉන්ෆෝමේසොන් අල්ලස් කොමිසමට දීමෙන් පසුත් එකවුන්ට් එකෙන් සල්ලි දෙසරයක්ම ඇද තිබිමේ හේතුවත්, බොහෝ පිරිසක් ඩීල් කාරයන් ලෙස මතුවීමත්, තවත් බොහෝ කරුණුත් සලකා බැලූ කල, මේන් මෙහෙම සම්භාවිතා කීපයක් අපට සාදා ගත හැක. 

1. දිල් රුක්ෂි නෝනා මහින්ද මහත්තයාට ගින්න දීම
2. මහින්ද මහත්තයා දිල් රුක්ෂි නෝනාගෙන් ඉන්ෆොමේසොන් ගැනීම
3. මෛත්‍රී ලොක්කා මහින්දට ගින්න දීම
4. මහින්ද ලොක්කා මෛත්‍රි ලොක්කාගෙන් ඉන්ෆොමේසොන් ඉල්ලීම 
5. තුන්වන පාර්ෂවයකින් ගින්න මහින්ද මහත්තයාට දීම
6. මහින්ද මහත්තයා තුන්වන පාර්ෂවයකින් ඉන්ෆොමේසොන් ඉල්ලීම. 
7. නීතීපති දෙපාර්තමෙන්තුවෙන් ලීක් වීම. 
8. අල්ලස් කොමිසමෙන් ලීක් වීම.
9. රාජිත පුවත් පත් සාකච්ඡාවේදි බොරු කීම.

කෙසේ වෙතත් මාතලන් නම් හිතන්නේ මෙයින් 3 හා 5 යන ඒවා සිඳුවිය හැකි දේවල් බවය. 

කොයින් කොහොම උනත්, මෙයින් නම් උනේ, කෙලින් වැඩ කලා කියා පෙන්නු දිල්රුක්ෂි නොනා ඩීල් කාරයෙක් කියා එලිපිටම ඔප්පු වීමය. නෝනා නිවැරදි නම්, රාජිත කියන්නේ බොරු කියා කිව යුතුය. එහෙම නැත්නම් අපිට සිඳු වන්නේ ලොක්කාට මල පැනීම සාධාරනය කියලාය. 

ඒ වගත් මේසේය.

මාතලන් | Maathalan


Share on Google Plus

0 comments:

Post a Comment