ලෝක ආර්ථික සමුළුව ලංකාවට ලබා ගැනීමේ බලාපොරොත්තුවක්.


ලබන වසර වන විට ලෝක ආර්ථික සමුළුවේ සත්කාරකත්වය ශ්‍රී ලංකාවට ලබා ගැනීමට බලාපොරොත්තු වන බව ජාත්‍යන්තර වෙළෙඳ රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ මහතා පැවසීය. අද (13) දින කොළඹ කොටස් වෙළෙඳපොළ ගනුදෙනු භූමියේ (Trading Floor) දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ මහතා,

“ලෝක අපනයන සමුළුව ලංකාවේ පවත්වන්න අවස්ථාව ලැබිලා තියෙනවා. අපනයනකරුවන් 400-600 ක පමණ විශාල ප්‍රමාණයක් මීට සහභාගී වෙනවා. එසේම මෙය එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුබද්ධිත ආයතනයක් වශයෙන් අප රටට විශාල අවධානයක් මේ සඳහා යොමු වෙනවා.“

“ඉදිරි අනාගතයේ දී අපි බලාපොරොත්තු වන්නේ අපනයන හරහා ආර්ථිකය දියුණු කරන්න. පෞද්ගලික අංශයේ විශාල ආයෝජන ප්‍රමාණයක් බලාපොරොත්තු වෙනවා. රජයට බරක් නොවී සමුළුව පැවැත්වීමට අවස්ථාව ලැබීම දේශපාලන වශනේ සුභ පෙරනිමිත්තක්. අපි බලාපොරොත්තු වෙනවා ලබන අවුරුද්ද වන විට ලෝක ආර්ථික සමුළුවත් ලංකාවට ලබා ගන්න“, යැයි පැවසීය.

Share on Google Plus

0 comments:

Post a Comment