Verified පිටුවත් මුදල් ඇමතිගේ නෙමෙයි ලූ.


තමාගේ නම සඳහන් කරමින් ව්‍යාජ ෆේස්බුක් හා ට්විටර් ගිණුමක් පවත්වාගෙන යන බවට තොරතුරු වාර්තා වී ඇති බව මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා පවසයි.

Ravi Karunanayake Lanka Intelligence සහ Ravi Karunanayake@RavikOfficial යන නම්වලින් තමාගේ නිල ෆේස්බුක් හා ටිව්ටර් ගිණුම් ලෙස මේවා පවත්වාගෙන ගොස් ඇති බවත් අමාත්‍යවරයා නිකුත් කළ නිවේදනයේ දැක්වෙයි.

කෙසේ නමුත් මෙම පිටුව Verified පිටුවක් ලෙස ෆේස්බුක් සමාජ ජාලය පවසයි.

මෙම සමාජජාල ගිණුම් සමග තමාගේ කිසිදු සම්බන්ධයක් නොමැති බව පවසන අමාත්‍යවරයා ඒවායෙහි වත්මන් ජාතික ආණ්ඩුවට හා ශ්‍රී ලංකා සමාජයේ සංහිඳියාවට අහිතකර පුවත් පළ කර ඇති බවද පෙන්වා දෙයි.

ඒ අනුව, මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් ඉල්ලා අපරාධ විමර්ශන අංශයට පැමිණිලි කිරීමට උපදෙස් ලබාදුන් බවත්, දැනටමත් ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය වෙත මෙය දැනුම්දීමට කටයුතු කර ඇති බවත් එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි.  

Share on Google Plus

0 comments:

Post a Comment