ගම්මන්පිල නිහඬ කළ හැක්කේ මරා දැමීමෙන් පමණයි.


තමා නිහඬ කළ  හැක්කේ  මරා දැමීමෙන් පමණක් බව පිවිතුරු හෙළ උරුමයේ ප්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා අද (18දා) පැවසීය.

බන්ධනාගාරගත වීම සඳහා සෑමවිටම තමාගේ වාහනයේ ඇඳුම් බෑගයක් සූදානමින් තිබෙන බවද මන්ත්‍රීවරයා සඳහන් කළේය.

පිටකෝට්ටේ පාගොඩ පාරේ පිහිටි පිවිතුරු හෙළ උරුමයේ ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී වැඩිදුරටත් අදහස් දැක්වු ඒ මහතා,

“අපිට එරෙහිව නගන අභූත චෝදනාවලට උත්තර දෙමින් අපේ දේශපාලන ගමන ඉදරියට යනවා. මහමග බුරා වැටෙන බල්ලන්ට ගල්පාරවල් එල්ලකිරීමට නතර වුණොතින් අපේ ගමන අපිට යන්න වෙන්නෑ. අපිට එරෙහිව නගන චෝදනා කරුණු සාධක සහිතව වැරදි බව අපි පෙන්වා දී තිබෙනවා.

මම විතරයි උසාවි විමර්ශනයට අමතරව කරුණු සාධක සහිතව මාධ්‍ය අධිකරණයක් බවට පත්කරගෙන ඒ විදියට පැහැදිලි කරන්නේ. අදත් ප.ච.රණවක ඇමතිවරයාගේ සංවිධායකත්වයෙන් මට විරුද්ධව මාධ්‍ය හමුවක් තියෙනවා. ඒ මාධ්‍ය හමුවටත් අපි ඉදිරියේදි උත්තර දෙනවා. අපි බය නෑ. අපි වැරදි කරලා නෑ.

ඒ නිසා අනිත් අයගේ වංචා දූෂණ ගැන ඉදිරියට ඇවිත් කතාකරන්න අපි බය නෑ. ඔය වගේ බොරු ගල්ප්‍රහාර එල්ල කරලා අපි නිහඬකරන්න හිතනවනම් ඒක වැරදි වැටහීමක්. අපි නිහඬ කරන්න කාටවත් පුළුවන් වෙන්නෑ. පුළුවන් වෙන්නේ මරා දැමීමෙන් පමණයි” යනුවෙන් පවසා සිටියේය.

Share on Google Plus

0 comments:

Post a Comment