මේ කොයි යන්නේ? (ඇතුලත ගිණි පිටතට නොදෙව්)


මීට දෙවසරකට පෙර ජනාධිපතිවරණ මැතිවරණ වේදිකාවේ එවකට පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා විසින් කල සඳහනක් : 

ආණ්ඩුවේ මම දරාපු සියලුම තනතුරු අතහැරලා එනවිට මට පක්ෂ යාන්ත්‍රණයක් තිබුනේ නැහැ. ගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඇතුළු එක්සත් ජාතික පක්ෂයේ නායකයින් මට ඔවුනගේ පක්ෂ යාන්ත්‍රනය පරිත්‍යාග කළා. 

මා වෙනුවෙන් රැස්වීම් සංවිධානය කලේ UNP සංවිධායකයින්.

මුළු රටේම පිට්ටනි ආණ්ඩුවේ නමට වෙන්කර තිබු නිසා නගරවල ඇතුල් පාරක කුණු ගඳ ගහන තැන්වල පවා මගේ රැස්වීම් සංවිධානය කිරීමට UNP සංවිධායකවරුන්ට සිදුවුණා.

මහින්දගේ මැරයින් වේදිකාවට වෙඩි තබන විට හා ගල් ගහනකොට මාව බේරාගත්තේත් UNP සාමාජිකයින්.

චන්දය පාවිච්චි කරන අවස්ථාවේ මා වෙනුවෙන් චන්දපොල රැකගත්තෙත් UNP පාක්ෂිකයින්, එසේම චන්දය ගණන්කරන අවස්ථාවේ මා වෙනුවෙන් පෙනිසිටියේත් UNP සාමාජිකයින්. එසේම මගේ ජයග්‍රහණය උදෙසා UNP පාක්ෂිකයින් කිහිපදෙනෙක් මා නිසා දිවිපුදු බවද මේ අවස්ථාවේ සඳහන් කරන්න ඕනේ. මා වෙනුවෙන් ගුටිකාපු, තමන්ගේ දේපල අහිමිකරගත්තු UNP සාමාජිකයින් අපමණයි. 

පසුව ලියමි : ගරු ජනාධිපතිතුමනි පැවති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආණ්ඩුව හැරදා පැමිණි ඔබට නිවහන වුයේ එක්සත් ජාතික පක්ෂයි. ඔබගේම වචනයෙන් කිවහොත් යම් හෙයකින් එදා ඔබ පැරදුනානම් ඔබ ඇතුළු පව්ලේ සියලු දෙනාටම අත්වන ඉරණම ගැන ඔබම ප්‍රකාශකල අන්දම අමතක කිරීමට අප මැරී ඉපදුනේද නැත. එසේම ඔබගේ මැතිවරණ පොරොන්දුද අපට කිසිසේත්ම අමතක කල නොහැක. තමන් බලයට ආ විගස හොරුන් හා මිනීමරුවන් අත්අඩංගුවට ගන්නා බව පවසමින් බලයට ආ පසු ඔවුනට රැකවරණ දීමට මෑතකදී ගන්නා ලද උත්සාහය අපි පිළිකුලෙන් යුතුව හෙලා දකින්නෙමු. එසේම මේ රටේ විධායකය හොබවන ඔබහට අදාල ආයතන ප්‍රධානීන්ට අණදීමට හැකියාව තිබියදී තවත් පාර්ශවයකට චෝදනා කිරීම කොතෙක් සාධාරණදැයි සිතා බැලිය යුතුය. 

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ඔබ වුවද ඔවුන් තමන්ගේ නායකයා ලෙස පිළිගන්නේ හිටපු ජනාධිපතිව බව සක්සුදක් සේ පැහැදිලිය මන්ද ඔබ විසින් ඔවුන් හැරදා ආ බව ඔවුනට අමතකව ගොස් තිබෙන්නට බොහෝ කාලයක් ගතවී නොමැත. එසේ තිබියදී කිසිම විරෝධතාවයක් නොමැතිව ඔබව අපේ කරගත් එක්සත් ජාතික පාක්ෂිකයින්ගේ හිත් රිදවීම මේ මොහොතේ නොකියාම බැරිය. කොටින්ම ඔබ අපව තරහකරගත හොත් ඔබගේ ඉදිරි දේශපාලන අනාගතයට නියම වටිනාකමක් එක්කරගැනීමට අපහසු වෙනවා ඇත. මන්ද ඔබට අල්ලපු අත්තත් පයගපු අත්තත් නොමැතිවීම හේතුවෙනි. මෙයට. 

ඔබව දිනවීමට දිවා රෑ නොතකා වෙහෙසුණු එක්සත් ජාතික පාක්ෂිකයෙක්.

Share on Google Plus

0 comments:

Post a Comment