UN නව මහලේකම් ලෙස ඇන්ටෝනියෝ පත් වෙන ලකුණු.


එක්සත් ජාතීන්ගේ නව මහලේකම් ලෙස ඇන්ටෝනියෝ ගුටේරස් පත් කිරීමට නියමිත බව විදෙස් වාර්තා සඳහන් කරනවා.

ඔහු  පෘතුගාලයේ හිටපු අග්‍රාමාත්‍යවරයෙකු වනවා. ඔහුගේ වයස අවුරුදු 67 ක් වනවා.

මීට අදාළ ඡන්ද විමසීම අද සිදු කිරීමට නියමිත බවත් වාර්තා වෙනවා.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සරණාගත ඒජන්සියේ ප්‍රධානියා ලෙස ඔහු වසර 10 ක් ද සේවය කර තිබෙනවා.


Share on Google Plus

0 comments:

Post a Comment