සිරසේ ලොක්කාගෙන් අර්ජුන් ඇලෝසියස් වන්දි ඉල්ලයි




මහ බැංකු බැඳුම්කර ගණුදෙනුවෙන් තමන් බිලියන ගණනක ලාභ ලැබීයැයි චෝදනා කරමින් මාධ්‍ය ආයතන විසින් අසත්‍ය ප්‍රචාරයන් සිදුකළේ යැයි ද එමඟින් තමන්ගේ කීර්ති නාමයට බලවත් අගතියක් සිදුවී යැයි ද පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස් මහතා විසින් එකී මාධ්‍ය ආයතනවලින් බිලියන 5 බැගින් වන්දි ඉල්ලා එන්තර වාසි යවා ඇත.

දිගින් දිගටම අසත්‍ය පුවත් පළකරමින් රටේ දේශපාලනය සියතට ගැනීමට සිරසේ හිමිකරු කිලී රාජ මහේන්ද්‍රන් උත්සාහ දරණ බව කව්රුත් දන්නා කාරණයකි.අගමැති හා ජනපති අතර ගැටුමක් ඇති කිරීමට සිරස තමා මාධ්‍ය බලය අයුතු ලෙස යොදාගෙන ඇත.

මේ ආකාරයෙන් අසත්‍ය ප්‍රචාර සිදු කරමින් ජනතාව නොමග යැවීම නැවැත්වීමේ අරමුණින් අර්ජුන් ඇලෝසියස් සිරසට  හා  විජය පුවත්පත් සමාගමට නඩු පවරා ඇත.

මේ සම්බන්ධයෙන් විවෙච්නාත්මක අදහස් ප්‍රසිද්ධ කළ කෑපිටල් මහරාජා ආයතනයට අයත් එම්.ටී.වී., සිරස රූපවාහිනි නාලිකාවට සහ විජය පුවත්පත් සමාගමේ ඩෙලී එෆ්.ටී පුවත්පතට මෙන්ම රූපවහිනී නිවේදකයන් වන බන්දුල ජයසේකර හා ෆරාස් ෂුකෙට්ලි මහත්වරුන්ට ද මෙසේ එන්තරවාසි යවා ඇත.

දින 14 ක් ඇතුළත අදාළ වන්දි මුදල නොගෙවුවහොත් නීතිමය පියවර ගන්නා බවද මෙහිදී දන්වා ඇත.


 ජනතාවගේ ඇත්ත දැනගැනීමේ අයිතිය වෙනුවෙන් පෙනී සිටින බව පවසමින් මෙසේ තම මාධ්‍ය අවභාවිතා කරන්නන්ට එරෙහිව මෙම නඩුව හොද පාඩමක් වනු ඇති බව නොඅනුමානයි.




Share on Google Plus

2 comments:

  1. Horu nge attha eliwenakota un berenna mewge dewal karanawa.

    ReplyDelete
  2. Horu nge attha eliwenakota un berenna mewge dewal karanawa.

    ReplyDelete