සුනිල් ශාන්තයන් හෙට ශ්‍රීපාලියේ දී හමුවන්න.


හොරණ ශ්‍රී පාලි මණ්ඩපයේ කැම්පස් රේඩියෝ නාලිකාව සහ වයර්ලස් ක්ලබ් එක්ව සංවිධානය කරන "සුනිල ගී සර" ගුරුදෙවි සුනිල් සාන්තයන්ගේ 101 ජන්ම උපහාර සුබාවිත ගීත සරණිය හෙට (28) සවස 6.30ට හොරණ ,ශ්‍රී පාලි රංග ශාලාවේදී පැවැත්වීමට නියමිතය.

ඒ සඳහා හඬ දායකත්වය ලබා දෙන්නේ වික්ටර් රත්නායක, සුනිල් එදිරිසිංහ, අයිවෝ ඩෙනිස්, කීර්ති පැස්කුවෙල්, ජගත් වික්‍රමසිංහ, නිලූ අධිකාරි සහ නදීක ගුරුගේ යන ප්‍රවීණ ගායන තරු විසිණි.

මෙම ප්‍රසංගය සංවිධානය කිරීමෙන් ලැබෙන මුදල හොරණ අධ්‍යාපන කලාපයේ විශේෂ අවශ්‍යතා සහිත සිසු දරුවන් වෙනුවෙන් ගොඩනගන පාසල් අරමුදලට සහ කැම්පස් රේඩියෝවේ ප්‍රජා ගුවන් විදුලි විකාශන කටයුතු විධිමත් කිරීම වෙනුවෙන් යෙදවීමට නියමිතය.


Share on Google Plus

0 comments:

Post a Comment