රග්බි ක්‍රීඩාව නව මාවතකට ගන්න සැරසෙයි


එළැඹෙන සති කිහිපය තුල දී ශ්‍රී ලංකා රග්බි පාපන්දු සංගමය ඉතා වැදගත් තීරණ තුනක් ගැනීමට නියමිතව ඇතැයි රග්බි සංගමයේ අභ්‍යන්තර ආරංචි මාර්ග වාර්තා කරයි.

මේ අතරින් වඩාත් වැදගත් තීරණය වන්නේ ශ්‍රී ලංකා රග්බි සංගමයේ නිල නාමය ශ්‍රී ලංකා රග්බි (SLR) ලෙස වෙනස් කිරීම හා ඊට සමගාමීව නව භාණ්ඩාගාරිකවරයකු පත් කිරීම බවද පැවසේ.

මේ තීරණ ද්විත්වයම බොහෝවිට ලබන නොවැම්බර් මස 1 වැනිදා පැවැත්වෙන ශ්‍රී ලංකා රග්බි සංගමයේ වාර්ෂික මහ සභා රැස්වීමෙන් පසුව ක්‍රියාත්මක කෙරෙනු ඇත.

ශ්‍රී ලංකා රග්බි පාපන්දු සංගමය ගැනීමට නියමිත තවත් වැදගත් තීරණයක් වන්නේ එළැඹෙන ඩයලොග් අන්තර් සමාජ පළමු පෙළ රග්බි ලීග් තරගාවලියට රූපවාහිනී තරග නිලධාරියකුගේ (TMO) පහසුකම යොදා ගැනීම බවද වැඩිදුරටත් වාර්තා වේ.

Share on Google Plus

0 comments:

Post a Comment