ගාලු ශ්‍රිලනිප රැළියට සිසුන් යොදාගෙන?


ශ්‍රීලනිප මැයි රැළියට සිසුන් සහභාගී කර ඇති බවට නිපුණතා සංවර්ධන හා වෘත්තිය පුහුණු රාජ්‍ය ඇමැති පාලිත රංගෙබණ්ඩාර මහතා චෝදනා කරයි.

ඒ, ජර්මන් කාර්මික අභ්‍යාස ආයතනයේ සිසුන් පිරිසක් බවයි අමාත්‍යවරයා චෝදනා කරන්නේ.

කෙසේ නමුත්  මෙම  සසිසුන් පිරිස පාක්ෂිකයන් ගෙනයන මුවාවෙන් ගාල්ලේ පැවැති ශ්‍රීලනිප මැයි රැළියට සභාභාගී කර ඇති බවත් ඔවුන් ප්‍රවාහනයට වැය කර ඇත්තේද  අමාත්‍යංශයේ මුදල් බවත් අමාත්‍යවරයා චෝදනා කරයි.

එසේම මේ සිදුවීම හා ඒ පසුපස ඉන්නා පුද්ගලයන් ගැන නුදුරේම රටට හෙළිකරන බවත් මේ සම්බන්ධයෙන් විමර්ශනයක් කරන්නැයි අදාළ නිලධාරින්ට නියෝග කර ඇතත් ඊට අදාළ විමර්ශන වාර්තාව තාමත් තමාට ලැබී නැති බව ද වැඩිදුරටත් පැවසීය.

Share on Google Plus

0 comments:

Post a Comment