උසාවිය හෙට දක්වා නිහඬයි.


ප‍්‍රසන්න විතානගේ අධ්‍යක්ෂණය කළ ‘උසාවිය නිහඬයි’ චිත‍්‍රපටයට එරෙහිව පනවා ඇති වාරණය හෙට (20) දිනය දක්වා දීර්ඝ කිරීමට අද කොළඹ දිසා අධිකරණය විසින් තීරණය කර තිබේ.

ඒ, ඊට අදාළ නඩුව අද දිනයේ දී කැඳවනු ලැබූ අවස්ථාවේදීයි.

එසේම ප‍්‍රසන්න විතානගේ ඇතුළු වගඋත්තර පාර්ශ්වයට හෙට දිනයේදී වාරණය පිළිබඳ කරුණු දැක්වීමට ද අවස්ථාව ලබා දී තිබෙන බව ද වැඩිදුරටත් වාර්තා වේ.

තමන් ස්ත්‍රී දූෂණයක් කළ බවට පළ වූ පුවතක් පාදක කරගනිමින් මෙම වාර්තාමය චිත්‍රපටය නිර්මාණය කර ඇති බව පැමිණිලිකාර හිටපු මහේස්ත්‍රාත් ලෙනින් රත්නායක විසින් මෙම අතුරු තහනම් නියෝගය ඉල්ලා පෙත්සමක් ගොනු කොට තිබිණි.

උසාවිය නිහඩයි  චිත්‍රපටයට  පනවා  ඇති  වාරණ නියෝගය ඉවත් කරන ලෙස ඉල්ලා  මාධ්‍ය හා සිවිල් සංවිධාන එකමුතුව අද (19) උසාවි සංකිර්ණය ඉදිරිපිට උද්ඝෝෂණයක්ද පැවැත්විය.



Share on Google Plus

0 comments:

Post a Comment