පිලිපීන ජනපති දේව උදහසට ලක්වේ.


අසභ්‍ය වචන භාවිතය වහාම නවතා දමන ලෙසට තමන්ට දෙවියන්ගෙන් අවසන් අනතුරු ඇඟවීම ලැබීම හේතුවෙන් මින් ඉදිරියට පරුෂ වචන භාවිත නොකරන බව පිලිපීන ජනපති කියයි.

සිය ජපාන සංචාරය නිමා කරමින් යළි පිලිපීනයට පැමිණ ජනපති රොද්‍රිගෝ ඩුටාර්ටේ පවසා සිටියේ තමන් ගුවන් යානයෙන් පැමිණෙමින් සිටි අවස්ථාවේදී දෙවියන් විසින් මෙම අනතුරු ඇඟවීම කළ බවයි.

ඔහු පවසන පරිදි, "පරුෂ වචන පාවිච්චිය වහාම නවතා දමන්න.. නැතිනම් මේ ගුවන් යානය අනතුර ලක්වේවි" යනුවෙන් දෙවියන් පවසා ඇත.

මෑතකදී බලයට පත් නාහෙට නාහන ජනාධිපතිවරයෙකු ලෙස ප්‍රකට ඩුටාර්ටේ ඇමෙරිකානු ජනාධිපති බරැක් ඔබාමා මෙන්ම, යුරෝපා සංගමය මෙන්ම, එක්සත් ජාතීන්ගේ සංවිධානය ප්‍රසිද්ධියේ විවේචනය කරමින්, ඔවුන්ට පරුෂ වචනයෙන්ද බැණ වැදුණි.

එමෙන්ම, ඔහු මේ වනවිට එරට මත්ද්‍රව්‍ය ජවාරම්කරුවන්ට එරෙහිව ක්‍රියාත්මක කර ඇති මෙහෙයුමද බොහෝ බටහිර ජාතීන් විවේචනයට ලක්කර ඇති අතර, ඔවුන් පවසන්නේ ජනාධිපතිවරයා මත්ද්‍රව්‍ය ජවාරම මැඬපැවැත්වීම සඳහා මනුෂ්‍ය සංහාරයක් සිදුකරන බවය.

කෙසේ වෙතත්, මෙම දෙවියන්ගෙන් ලද අනතුරු ඇඟවීම කෙසේ වෙතත්, ඔහු මෑතකදී ඇමෙරිකානු සබඳතා බිඳිමින් චීනය හා ජපානය වැනි ආසියාතික බලවතුන් සමග සමගි සන්ධානගත වීම හරහා ඔහුට එකී නායකයන්ගෙන් යම් උපදෙස් ලැබෙන්නට ඇති බව නම් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

Share on Google Plus

0 comments:

Post a Comment