රමිත් රඹුක්වැල්ල වරදකරු බව පිළිගනී.


හිටපු ඇමැති කෙහෙළිය රඹුක්වැල්ලගේ පුත් ක්‍රිකට් ක්‍රීඩක රමිත් රඹුක්වැල්ල තමාට එරෙහිව කුරුඳුවත්ත පොලිසිය විසින් ගොනුකර තිබු නොසැලකිලිමත් ලෙස රිය ධාවනය, අනතුරක් වළක්වා නොගැනීම, බීමත්ව රිය පැදවීම, ව්‍යාජ අංක තහඩු සහිත වාහනයක් පැදවීම, ලියාපදිංචිය වෙනත් අයකුට පැවරී ඇති වාහනයක් පැදවීම  යන චෝදනා පහටම වැරදිකරු බව අද අධිකරණයේදී පිළිගනු ලැබීය.

ඔහු අත්අඩංගුවට ගෙන ඇප මත මුදාහැර සිටියේ නොසැලකිලිමත් ලෙස රිය පදවා කොළඹ නිදහස් මාවතේ දී රිය අනතුරක් සිදුකළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙනි.

එසේම ඔහුට රුපියල් 29000ක දඩ මුදලක් ද නියම විය.

Powered by Blogger.