පවිත්‍රාගෙන් කැපිල්ලක් - පිරිසක් කලකිරීමෙන්.


පසුගිය 08වනදා පවිත්‍රා වන්නිආරච්චි මත්‍රිනියගේ සංවිධායකත්වයෙන් පැවති රත්නපුර රැලියෙන් පසු මහින්ද පිලේ ප්‍රබලයින් කිහිපදෙනෙකු කලකිරීමෙන් පසුවන බව වාර්තා වේ.

මහින්දානන්ද අළුත්ගමගේ, ඩලස් අලහප්පෙරුම, බන්දුල ගුණවර්ධන, රංජිත් සොයිසා, ජානක වක්කුඹුර යන මන්ත්‍රීවරුන් මෙසේ දැඩි කලකිරීමකින් පවසුවන බව පැවසේ.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වන රාජ්‍ය අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතා පවසන්නේ රත්නපුරයෙන් පාර්ලිමේන්තු ගිය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රී රංජිත් සොයිසා මහතාව නොසලකා හැර ඇති බවය.

මහින්ද පිලෙන් නිර්මාණය කරනවායැයි පැවසෙන බැසිල් රාජපක්ෂගේ පක්ෂයේ ප්‍රධාන ලේකම් තනතුර පවිත්‍රාට ලබාදෙනවා යැයි ඇමක් දී ඇති බවත් එය ගිල ඇති පවිත්‍රා මෙලෙස තම ප්‍රතිරූපය වෙනුවෙන් කටයුතු කරමින් සිටින බවත් බොහෝ ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයෝ පවසති. 
එදින පැවති රැස්වීම සඳහා මහින්ද පිලේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 51 දෙනොගෙන් සහභාගී වී ඇත්තේ මන්ත්‍රීවරු 37දෙනෙකු පමණි. 

ඒ 37දෙනා අතරද විශේෂයෙන්ම කැපී පෙනෙන ලෙස හැසිරී ඇත්තේ එක්සත් ජාතික පක්ෂයේ සිට පසුව මහින්දගේ දෑත් ශක්තිමත් කිරීමට එක් වූ ජොන්ස්ටන් ප්‍රනාන්දු, ගාමිණි ලොකුගේ වැනි මන්ත්‍රීවරුන් වීමද විශේෂත්වයකි.

Share on Google Plus

0 comments:

Post a Comment