දුෂණයට ලක්වූ කාන්තාවට පොල්පිති පහර දීලා - පල්ලියේ පරිපාලන සභාව රිමාන්ඩ්.


දූෂණයට ලක් වූ බව කියන කාන්තාවකට පොල්පිති පහර සියයක් ගැසූ පුත්තලම නල්ලන්දළුව ජුම්මා මුස්ලිම් පල්ලියේ පරිපාලන සභාවේ සිව් දෙනෙකු දින නියමයකින් තොරව රක්ෂිත බන්ධනාගාරගත කිරීමට පුත්තලම මහේස්ත‍්‍රාත් බන්දුල ගුණරත්න මහතා නියෝග කර ඇතැයි වාර්තා වේ.

ඒ අදාළ කාන්තාව සිය නීතිඥවරයා මාර්ගයෙන් පොලිසියට කල පැමිණිල්ලක් අනුවයි.

මීට දින කිහිපයකට පෙර අදාළ කාන්තාව සිය නිවසේ රැඳී සිටිය දී බලහත්කාරයෙන් පැමිණි පුද්ගලයෙකු විසින් ඇයව දූෂණය කර පලාගොස් තිබෙන අතර ඒ සම්බන්ධයෙන් කාන්තාව පුත්තලම පොලිසියට කල පැමිණිල්ලක් අනුව සැකකරු අත්අඩංගුවට ගැනීමට පොලිස් විමර්ශන ක‍්‍රියාත්මක වෙමින් තිබිය දී අදාළ කාන්තාව කැඳවූ පුත්තලම නල්ලන්දළුව ජුම්මා මුස්ලිම් පල්ලියේ පරිපාලන සභාව ඇයට මෙසේ පොල්පිති පහර සියයක් ගැසීමට නියෝග කර තිබේ.

Share on Google Plus

0 comments:

Post a Comment