ඇමැති හේමාල්ට දඩ කොළ දුන් PCට තවත් නඩුවක් - පලිගැනීමක් ද?


දක්ෂිණ අධිවේගී මාර්ගයේ දී පසුගිය රජය සමයේ නියෝජ්‍ය ඇමැතිවරයකුට දඩ කොළයක් ලබා දීමෙන් පසු දොඩම්ගොඩ දී පහරකෑමට ලක්වූ පොලිස් කොස්තාපල්වරයාට අල්ලස් කොමිසම දෙවැනි වරටත් නඩු පවරා ඇතැයි උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.

2009 වසරේ මැයි මාසයේසිදුවූ බව කියන සිදුවීමක් සම්බන්ධයෙන්  වසර පහකට පසු සුමින්ද සමන් නම් එම කොස්තාපල්ට සහ කුමාර දුනුවිල නම් උප පොලිස් පරීක්ෂකවරයකුට අල්ලස් කොමිසමෙන් මුල් වරට නඩු පැවරුවේ කොස්තාපල්වරයා හිටපු නියෝජ්‍ය අමාත්‍ය හේමාල් ගුණසේකරට දඩ කොළයක් ලබා දීමේ සිදුවීමෙන් පසුවය.

පසුගිය වසරේ අප්‍රේල් පළමු වැනිදා මහාධිකරණ විනිසුරු ලලිත් ජයසූරිය මහතා මේ දෙදෙනා අධිචෝදනාවලින් නිදොස් කොට නිදහස් කළේය.කසිප්පු තිප්පොලකින් ඇල්ලූ කසිප්පු අඩු ප්‍රමාණයක් පමණක් අධිකරණයට ඉදිරිපත් කිරීමට අල්ලස් ඉල්ලීයැයි ගොනු කළ එම නඩුව ද්වේශ සහගත ලෙස ගොනු කර ඇතැයි අධිකරණයේදී කියැවිණි.
එලෙස නිදහස් කර අවුරුද්දකුත් මාස හතරකට පසු පසුගිය අගෝස්තු 19 වැනි දා එම චෝදනාවටම  සුමින්ද සමන් නම්  එම කොස්තාපල්වරයාට සහ කුමාර දුනුවිල නම් උප පොලිස් පරීක්ෂකට නැවත වරක් මහාධිකරණයේ නඩු පවරා තිබේ.

2014 මැයි 30 වැනි දා දොඩම්ගොඩදී පොලිස් කොස්තාපල්වරයාට පහර දී වාහනය ගිනි තබා තිබුණු අතර ඊට සම්බන්ධ සැකකරුවන් ද මෙතෙක් අත්අඩංගුවට ගෙන නැතැයි පොලිසිය කියයි. දිගින් දිගටම ආ බව කියන බලපෑම් නිසා ඔහු ඉල්ලා අස්වූ අතර 2015 අප්‍රේල් මාසයේ දී යළි ඔහුට රැකියාව ලැබිණි.

-Lankadeepa


Share on Google Plus

0 comments:

Post a Comment