නාමල්ගේ පරීක්ෂණ අවසන් - රෝහිතගේ නඩු විභාගය ජනවාරියේදී.


මුදල් විශූද්ධිකරණ පනත යටතේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සම්බන්ධයෙන් සිදු කරන පරීක්ෂණ අවසන් කර ඇති බව පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය අධිකරණයට දැනුම් දී තිබේ.

නීතිපති උපදෙස් අනුව ඉදිරි පියවර ගැනීමට නියමිත බව පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දී ඇත.

මේ අතර  වත්කම් උපයාගත් ආකාරය හෙළිදරව් කිරීමට අපොහොසත්වීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතාට පවරා ඇති නඩුව විභාග කිරීම ජනවාරි මස 31 වන දක්වා කල්දැමීමට කොළඹ මහාධිකරණය නියෝග කර තිබේ.

අදාළ නඩුව අද(31) කැඳවූ අවස්ථාවේ මෙම නියෝගය ලබා දුන් බව අද දෙරණ අධිකරණ වාර්තාකරු කේ.එස් උදය කුමාර් සඳහන් කළේය.

Share on Google Plus

0 comments:

Post a Comment