මෛත්‍රීගේ වැවෙන උඩු රැවුල කපනු!


පරණ ආන්ඩුව මුල්ලේරියාව හන්දියේදී හැරුණු බව අපි දුටුවා.
ඊයේ පෙරේදා සිදු කළ,
මෛත්‍රීගේ අභද්‍ර ප්‍රකාශයෙන්
මේ ආණ්ඩුව පදනම් ආයතනයේදී හැරුණු බවද කියන්නේ?
ආණ්ඩුවේ පදනමටම ගැහැව්වා කියලද කියන්නේ?
පරණ ආණ්ඩුව ආරස්සා කොරන මාෆියාවක්, මාධ්ය මාෆියාවක්
ගත් මාර්ගයේ ප්‍රතිපල ලැබෙමින් පවතී.

ඉංග්‍රීසි බැරි සල්ලි කාර
සරොම් කාර මුදලාලිගේ
මාර්ගයද මෛත්‍රී තෝරන් තියෙන්නේ?
සල්ලිය බලය පවුල් ජාල රකින මාර්ගය??

ආණ්ඩුව ආ කාලයේ තිබුනු සාහිත්‍ය සම්මන්ත්‍රණ,
කවි සංවාද,
සිංහල බ්ලොග් කාරයින්
ලොකු කොරන තැන් වැඩියේ පෙනෙන්නට නැත

 වාලම්පූරිය ඝණ දෙවි පූජා ආදියට
විසාල ප්‍රචාරයක් තැනක් ලැබෙමින් පවතී.

සජිත් ප්‍රේමදාස ප්‍රාදේශීය නායකයෙකුට වඩා  ඉහල තනතුරු වලට නොසුදුසු කෙනෙකු යයි ඔප්පු කරමින් ඇත.

නිවී යමින් තිබුනද අලු යට සැඟ වී ඇති ගිනි පුපුරු වලට පිඹින යාපන සරසවියේ සිසුන් දෙදෙනෙකු වෙඩි තබා ඝාතනය කිරීම අනුමත කල හැක්කේ සිහිසුන් අයට පමණි. අල්ලස් කොමිසමේ දිල්රුක්ෂිට හා එෆ් සී අයි ඩියට ජනපතිගේ දොස් කීම හා මෙය සමගාමීව සිදුව තිබේ.

රට කැලඹූ මහ අපරාධ වංචා වලට සම්බන්ධ උන්ව රකින තැනකට ප්‍රසිද්ධියේ බලවතුන් යොමු වෙමින් ඇත. බලය සඳහා ලොකු උන් කඳ වුරු වලට වෙන් වන විට බයිට් එකට ගන්නේ පොඩි එවුන්ය.

ඡන්ද දිනන සිරි ලංකා කාරයෙක් නම් ඔවුන්ව වට පිටේ ආරක්ශ හිතවත් වලල්ලේ තබාගෙන ඉහලින් ක්‍රමය වෙනස් කිරීමට එනම් 19 වන සංශෝධනය ආදී හා නව ව්‍යවස්තාව ගෙන ඒමයි මෛත්‍රීගේ වැඩ පිළිවෙල! කටයුතු සිදුවන හැටියට 19 ට වූ හැටියට නව ව්‍යවස්ථාව වෙයිද?? එසේ වෙනවා යයි තද විශ්වාසයක් මා තුලද තිබේ. නව ව්‍යවස්ථාව සම්මත කර ගැනීමට මෛත්‍රී උපායමාර්ගිකව යම් යම් පියවර ගන්නවා යයි සිතමු. අල්ලස් කොමිසම හා එෆ් සී අයිඩියට පහර ගැසීම හා ප්‍රභුන් අත් අඩංගුවට ගැනීමට තමාගෙන් අවසර ගන්නට ඕනා යයි පැවසීම උපාය මාර්ගයේ කොතනට ෆිට් වෙනවාද-ගැලපෙනවාද  යන්න නම් විසාල ප්‍රස්නයකි.

ජනතා බලවේග සිහි එලවාගෙන කටයුතු නොකලොත් පදනම් ආයතනයෙන් ඇරඹුනු මේ නව යුගයේ සරසවි සිසුන් වෙනත් වාමංශික ක්‍රියාකාරීන් ආණ්ඩුවේ දොස් දකින උන්, උන්ගේ කුණු ගොඩවල් වලට, දූෂණයට මර්දනයට පමණක් නොව ජාතිවාදයට විරුද්ධ උන් පවා මිය යන්නට නියමිතය. පොලොවෙන් අඩි හයක් යටට යන්නට පෙර මෛත්‍රී සිය සූට් කේස් එක රැගෙන පොලොන්නරු යනු වෙනුවට එංගලන්තයේ පදිංචියට යන්නට වේදැයි කෙනෙකු තුල සැකයක් මතුවේ.

ජනතා විරෝධය නිසා අවුරුදු දහස් ගනනක් පැරණි සිරිතක් වූ නේපාලයේ මහ ඝව ඝාතනය නවතා දමා තිබේ.
ඇමරිකාවේ බලයට පත්වෙන්නට වලි කන ඩොනල්ඩ් ට්‍රම්ප් වැන්න උන් දිහා බලන කල ලෝකයට නායකත්වය දෙන්නට වෙනත් බලවතුන් අවශ්‍ය බව පෙනේ.

-දයල් බතී


Share on Google Plus

0 comments:

Post a Comment