ජනාධිපති මෛත්‍රි බලයට පත්කළේ ඩිලාන් හෝ මහින්දානන්ද නොවෙයි.


ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා බලයට පත්කළේ ඩිලාන් පෙරේරා හෝ මහින්දානන්ද අලුත්ගමගේ නොවන බවත් එතුමන් කටයුතු කළ යුත්තේ එතුමන්ව බලයට පත්කළ ජනතාවට අවශ්‍ය පරිදි යැයි පුරවැසි සංවිධාන එකමුතුවේ කැදවුම්කරු සමන් රත්නප්‍රිය මහතා පැවසීය.

ඒ මහතා මේ බව පැවසූවේ පුරවැසි සංවිධාන එකමුතුව මගින් සමාජීය හා සාමයික කේන්ද්‍රයේ ඊයේ (18) පැවැති මාධ්‍ය හමුවේදීය.

ජනාධිපතිවරයාගේ ප්‍රකාශය, අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරියගේ ඉල්ලා අස්වීම හා වර්තමාන දේශපාලන තත්වය පිළිබඳ අදහස් දැක්වීම සම්බන්ධයෙන් මෙම මාධ්‍ය හමුව කැඳවා තිබුණි.

වැඩිදුරටත් අදහස් දක්වමින් රත්නප්‍රිය මහතා මෙසේද කීය.

පසුගිය සතියේ ජනාධිපතිවරයා ප්‍රකාශ කළ අල්ලස් කොමිසම, සී.අයි.ඩී.එක හා එෆ්.සී.අයි.ඩී. ඒකකවල වැඩ සිද්ධ වෙන්නේ දේශපාලනිකවද කියලා. එහෙම දේශපාලනික වැඩ කරනවානම් ඔවුන් තද ප්‍රකාශයක් ගන්නවා.

හිටපු නාවික හමුදාපති, හමුදාපති සහ ආරක්ෂක ලේකම්වරයා ප්‍රකාශ ලබා ගැනීම සඳහා එෆ් සී අයි ඩී යට ගෙන ඒම සහ ඊට පසු සිදුවූ සිද්ධි සම්බන්ධයෙන් අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් දිල්රුක්ෂි මහත්මියගේ ඉල්ලා අස්වීම ජනාධිපතිවරයාට භාරදීලද නැද්ද යන්න අපට සැකයක්. ආණ්ඩුවේ ප්‍රධානීන් දන්වා සිටින පරිදි ඇය තවමත් සිටිනවා. ඒ තුන්දෙනාම මේ ස්ථානවල පරීක්ෂණ මෙහෙයවූ අයයි. ඔවුන් බරපතල විචිකිච්චාවට ලක්වෙලා රාජකාරිය කරනවද නැද්ද කියලා. ස්වාධීනව වැඩ කරනවිට උසාවි ඉදිරිපත් කරන විට කාගේ හරි උවමනාවකට වෙනස්වීම් සිදුවෙනවා. මේක හොද තත්වයක් නෙමෙයි.මේ තත්වය තුල දේශපාලනික වශයෙන් කැලඹීමක් ඇතිවෙලා.වර්තමානයේ විපක්ෂයේ මන්ත්‍රීවරු වෙනසක් සහිත අලුත් පාර්ලිමේන්තුවක් තනන බව පුන පුනා කියනවා.මේක දේශපාලන කැළඹීමක් වගේම ජාත්‍යන්තරය කතා කරන්න පටන් අරන්.

රටතුල පසුගිය අවුරුදු එකහමාර තුල ආණ්ඩුවට හොද ප්‍රතිචාර තිබුණා.ලංකාවේ සමුළුවක් අමතන්න නොදෙන තත්වයක් ජනවාරි 08 සිට ජනාධිපතිට අගමැතිට ඉහල ප්‍රතිරූප තිබුණා.මානව හිමිකම් ජිනීවාවල ත්බුණු චෝදනා ලිහිල් වෙන්න පටන් ගත්තා. ඒවා අද ප්‍රශ්න සහගත තත්වයක් ජනාධිපති ප්‍රකාශය සමග ඇතිවෙලා.සාමාන්‍ය කෙනෙක් කළ ප්‍රකාශයක් නම් කමක් නැහැ.මේක රටේ නායකයා තුලින් කියවුණු දෙයක්. ආණ්ඩුව ඇතුලේ ප්‍රශ්න තියේනම් ඔහුට ඒවා අභ්‍යන්තරයේ විසදාගන්න තිබුණා. නොවිය යුතු ප්‍රකාශයක් ඔහු කියා සිටියේ. හරිනම් අපි කිව යුතු දෙයක්එම ප්‍රකාශය. මේ ප්‍රකාශයෙන් සැලකියයුතු ප්‍රමාණයේ හානියක් වෙලා ඒ නිසා මේකෙන් මිදෙන්න ඔහු කටයුතු කළ යුතුයි. අපිට අයිතියක් තියෙනවා පුරවැසි බලය,සාධාරන සමාජයක් සදහා වූ ජනතා ව්‍යාපාරය, වෘත්තීය සමීති ව්‍යාපාර, ඇතුළු විවිධ සිවිල් සංවිධාන එකතුව තමයි සම්මුතිවාදී ආණ්ඩුවක ජනාධිපතිවරයා හා අගමැතිවරයාව පුටුවේ ඉදවූවේ.

වැරැද්දක් වූ බව වටහාගෙන එය නිවරදි කරගන්න කටයුතු කළ යුතුයි.එහෙත් දේශපාලනික වශයෙන් සිදුවූ හානිය නැති කරගන්න බැරිවෙයි.

ඒ අයට කිවයුතුයි හොරකම් මැරකම් අල්ලන එක දිගටම කරගෙන යන ලෙස. ඒ අයට ධෛර්ය දිය යුතුයි. එසේම ජාත්‍යන්තරයට ප්‍රකාශයක් දිය යුතුයි.හුදු ප්‍රකාශ බැහැ. නීතිය හදන ආයතන වලට නිවරදි ස්ථාවරය ප්‍රකාශ කළ යුතුයි. අකර්මරණයවූ ප්‍රගීත් එක්නැලිගොඩ ඇතුලු පරීක්ෂණ සිදුවෙන්නේ නැත්නම් ඒවා නියමාකාරයෙන් පරීක්ෂණ කළ යුතු බවට අදාල ආයතනය වලට දැන්විය යුතුයි. එවිට ජනතා හා ජාත්‍යන්තරයේ විශ්වාෂය දිනාගත හැකියි.

රණවිරුවෝ නිදහස් නොකිරීම හා ඔවුන්ට ඇප නොදීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා කනස්සල්ල පැවසුවා. එහෙත් ප්‍රගීත් එක්නැලිගොඩ සම්බන්ධයේ කඩුවෙල මහේස්ත්‍රාත් එක අවස්ථාවක කිවුවා හමුදාන තොරතුරු දෙන්නේ නැත්නම් හමුදාපති අත්අඩංගුවට ගන්න සිදුවෙනවා කියලා. ලිපි ලේඛන සම්බන්ධ විස්තර, කොච්චර වාහන වලට තෙල් ගහලද වැනි ප්‍රශ්න සදහා උත්තර නොමැති නිසා ඔවුන් තවම අත් අඩංගුවේ. ඒවා පිළිබද සොයා බලා උපදෙස් දීම ජනාධිපතිගේ වගකීමක්. සාධනීය වශයෙන් මේ ප්‍රශ්න වලට මැදිහත්වී ජනාධිපතිගේ අදහස ජනතාවගේ අදහස බව ඔප්පු කළ යුතුයි මේවාට වෙනත් විකල්ප නැහැ. අද ඒකාබද්ධ ආණ්ඩුවක දේශපාලන සංහිදියාවක් තියෙන කාර්යාලයේ ඒවාට විරුද්ධව වැඩ කරන අයත් සිටිනවා. ජනාධිපතිගේ තීන්දුව ප්‍රායෝගිකය අවශ්‍යයි.

සිවිල් සංවිධාන වලට සමහර අය යොදවා මඩ ගැසුවා. ඇවන්ගාඩ් කියන්නේ බරපතල විධියට දේශපාලන අතර සාකච්ජාවට බදුන්වූ විවිධ චෝදනා තියෙන ආයතනයක්.

රටට අහිතකර ආයුධ ගෙනාවා. ඒවා රටතුල පාවිච්චි කළා. ඇවැන්ගාඩ් නැව රටතුලට ගෙනාවා. අංක නැති ආයුධ ගෙනාවා.එවැනි විවිධ අපරාධ චෝදනා තිබුණා.ඒක පාර්ශවීය රක්නා ලංකා සදහා ඇවන්ගාඩ් ටෙන්ඩර් පටිපාටියෙන් තොරව ගෙනාවා. එම නිසා රටට අයවිය යුතු කෝටි ගණන් මුදල් නැති වුණා.මිග්යානා ගණුදෙනුවටත් චෝදනා තියෙනවා. ඒවාට අදාල හමුදාපතිවරු කැදවීම වැරද්දක්ද මේකට ඩිලාන්ගේ අය හරි කිව්වට අපිට එකග වෙන්න බැහැ. ඩිලාන්ට කොන්ද පන නැතිවුණාට අපිට පණ තියෙනවා. ඔහු ජනතා ජන්දයෙන් පැරදිලා හයිබ්‍රිට් හරහයි පාර්ලිමේනතුවට ඇවිත් තියෙන්නේ.දේශපාලන සංහිදියාව වෙනස් කරන්න ප්‍රකාශ ලබාදිය නොහැක. රටේ ජනතාව ඒකට විරුද්ධයි.

පුරවැසි සංවිධාන එකමුතුවේ කැදවුම්කරු චමින්ද පෙරේරා මහතා-

අවුරුදු එකහමාරක් කාලයක් මේ ආණ්ඩුව හරක් දක්වනවා වගේ ආවා. පොඩි අවසරයක් ලැබුනොත් එයා පරණ දේශපාලනයට යනවා. අපි පුරවැසි සංවිධානය විදියට නායකයන් දෙදෙනෙකුට එරෙහිව සටන් කරන්න සිදුවුණා. මහ බැංකු අධිපති අරුජුන් මහේන්ද්‍රන්.ජනාධිපතිගේ ප්‍රකාශය තුලින් එතුමා පරණ හිතවතුන් ආරක්ෂා කරන්න යනවා. හිතවතුන් ආරක්ෂා කරන්න නෙමෙයි ජනවාරි 08 වෙනිදා බලය දුන්නේ. ඔබතුමාම කිව්වා තමා දින්නේ නැත්නම් අඩි 08ක් පොළොව යටයි ඉන්න වෙන්නේ කියලා.ලක්ෂ 62ක් ඔබව රැක ගත්තා. පුරවැසි සංවිධානයත් මරණයේ ප්‍රථිඵල අතට අරන් කරපු වැඩක්. එදා කිසිදු පක්ෂයක් එලියට ආවේ නැහැ. තවම රතුපස්වල වතුර ප්‍රශ්නයට මුහුණ දුන් මිනිසුන්ට සාධාරනය ඉටුවුණේ නැහැ.වැලිකඩ 26ක් ඝාතනය,තාජුඩීන්, ලසන්ත වික්‍රමතුංග, එක්නැලිගොඩ් යන අයගේ මරණ වලට සාධාරනය ඉටු වුනේ නැහැ. ඩිලාන්ට බැහැ මහින්ද ගොඨාභයගේ කාලේ වගේ හැසිරෙන්න.

පුරවැසි සංවිධාන එකමුතුව සංවිධානයේ සම කැදවුම්කරු ගැමුණු විජේරත්න මහතා-

මට ජනවාරි 08 ජයග්‍රහනය මතක් වෙනවා. 2014 අවුරුද්දේ මෛත්‍රියි අපියි අතර කුමන සම්බන්ධයක් තිබුණද කියලා. ඔහු අපෙන් ලිපියකින් සහයෝගය ඉල්ලුවේ. ප්‍රථම පුවත්පත් දැන්වීම සදහා මම පුද්ගලික ධනය මිලියනයකට වඩා යෙදෙවුවා.

අපි මරණය අත තියයි ජනාධිපතිවරණ සටනට බැස්සේ. පුත්‍රයා නිසාද වෙන හැගීම් බර වෙන දේශපාලන වුවමනාවක් නිසාද දන්නේ නැහැ මෛත්‍රී එවැනි දෙයක් ප්‍රකාශ කළේ.අපේ සංවිධාන කාගේවත් අතකොලු වෙලා නැහැ. කාගෙන්වත් ඇල්පෙනෙත්තක් තරම් දෙයක් අරන් නැහැ.

ඩිලාන් අභියෝග කරනවා වස බෝතල් ගෙනත් තියන් ප්‍රවෘත්ති සාකච්ජා තියනවා. හැබැයි ඒවා ඔප්පු කරන්න බැරි වුනොත් වස බිය යුතුයි.අපි එදා බය වුණානම් මෛත්‍රි අද ජනාධිපති වෙන්නේත් නැහැ.මේ සියල්ලටම පයින්ගසා එතුමා නිර්ධනීය ප්‍රකාශ ඉදිරිපත් කරනවා.රටේ ජනතාව රවට්ටන්න එපා.එදා දේශපාලන පක්ෂ ගැහුවේ හැංගි හැංගියි ඒත් අපි එලි පිට එළියට බැස්සා. අපි කඩේ යන්නේ නැහැ. වහාම කැබිනට් මණ්ඩලය සංශෝධනය කළ යුතුයි.

Share on Google Plus

0 comments:

Post a Comment