'ජනතාව මට හොදටම බනිනවා.. බුද්ධි අංශ මට කිවුවා…' – ජනපති


වරකාපොල ප‍්‍රදේහයේ ජනතාව ඉතාම දැඩි ලෙස තමනට බැණ වදින බව රාජ්‍ය බුද්ධි සේවා තමනට වාර්තා කල බව ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා පවසයි.

එම ප‍්‍රදේශයේ විශාල පස් කන්දක් කපා ඉවත් කිරීම නිසා ජනතාව මෙසේ බැණ වදින බව ජනාධිපතිවරයා කියා සිටියේ මධ්‍යම පරිසර අධිකාරියේ පැවති උත්සව සභාවක් අමතමිනි.

තම අමාත්‍යාංශයේ යටතේ ඇති ආයතනයන් කිසිම ඉවක් බවක් නැතිව නිසි සොයා බැලිමකින් තොරව පරිසරය විනාශ කිරීමට අනුමැතියන් දෙන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන එහිදී ප්‍රකාශ කලේය.

අබේපුස්ස ඔරලෝසු කනුව අසල ව්‍යායාපාරිකයෙක් විසින් පසුගිය ජනවාරියේ සිට විශාල පස් කන්දක් කපන අතර මොහුට ඔහුගේ ඉඩම්වල පස් කැපීම සඳහා බලපත්‍ර 5 ක් ලබාදී ඇති බවත් එම පස් කැපීම් සම්බන්ධයෙන් අදාළ කිසිම පාර්ශ්වයක් ඒවා අධීක්ෂණය නොකරන බවත් ජනාධිපතිවරයා පැවසීය.

ඒ අනුව මින් ඉදිරියට කවුරු අනුමත කලත් වනාන්තර කැපිමේ අවසාන අනුමැතියට තමා වෙත එවන ලෙස රැස්වීමට සහභාගි වූ අමාත්‍යාංශයේ නිලධාරින්ට මෙන්ම පරිසර අධිකාරියේ නිලධාරින්ට ජනාධිපතිවරයා නියෝග කරන ලදි.

මේ අනුව ජනාධිපතිවරයා යටතේ ඇති මහවැලි හා පරිසර අමාත්‍යාංශයට අයත් ආයතනයකන් වන, මධ්‍යම පරිසර අධිකාරිය, භූ විද්‍ය හා පතල් කැණිමේ බියුරොව , මැණික් හා ස්වර්ණාභරන අධිකාරිය, රාජ්‍ය දැව සoස්ථාව, මහවැලි අධිකාරිය, සාගර සoරක්ෂන අධිකාරිය සහ වන සoරක්ෂන දේපාර්තුමේන්තුව මහජන අවශ්‍යතාවය අනුව මැණික් පතල් කැණීමට, පස් කැපීමට, වැලි ගොඩ දැමීමට, ගස් කැපීමට, මුහුදු වැලි හෝ සාගර සම්පත් ඉවත්කිරිම්,කලුගල් කැඩීම ඇතුළු කාරණා රාශියක් මෙන්ම මහා පරිමාණ ව්‍යාප්ති හා ගොඩනැගිලි ඉදිකිරීම් වෙනුවෙන් පරිසර සහතික සම්බන්ධවද බලපත්‍ර විශාල ප්‍රමාණයකට දිනකට නිකුත් කරනු ලැබේ.

එමෙන්ම මෙම අමාත්‍යාංශයේ ලේකම් ලෙස කටයුතු කරනුයේ උදය ආර් සෙනෙවිරත්න මෙන්ම නියොජ්‍ය අමාත්‍යවරයා වනුයේ අනුරාධා ජයරත්නයි.

Share on Google Plus

1 comments:

  1. so, only his jackass brother will get permits from now on...

    ReplyDelete