යුද ජයග්‍රහණයේ ඉතිහාසය පාසල් විෂය නිර්දේශයට ඇතුළත් කළයුතුයි - මහින්ද.


යුද ජයග්‍රහණයේ ඉතිහාසය පාසල් විෂය නිර්දේශයට ඇතුළත් වියයුතු බවත් ඒ සම්බන්ධයෙන් සියලු පාසල් දරුවන් දැනුවත්වීම වැදගත් බවත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

යුද ජයග්‍රහණය සම්බන්ධයෙන් මේජර් ජනරාල් කමල් ගුණරත්න මහතා රචනා කළ රණමග ඔස්සේ නන්දිකඩාල් පොත සහ ජෙනරාල් ගැරී ද සිල්වා මහතා රචනා කළ පොත පාසල් දරුවන්ගේ නිර්දේශිත ග්‍රන්ථ ලෙස නම්කළ යුතු බවයි ඔහු පෙන්වා දෙන්නේ.

හිටපු ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ ගැරී ද සිල්වා මහතා රචනා කළ ‘War Heroes Killed in Action’ කෘතිය ජනගත කිරීම වෙනුවෙන් බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ පැවති උත්සවය අමතමිනි.

යුද සමයේදී ත්‍රිවිධ හමුදාව සිදුකළ කැපකිරීම, ඔවුන් පෙන්වූ ධෛර්යසම්පන්න බව, ඔවුන් මුහුණ දුන් දුක් පීඩා සියල්ල ලියාතැබීම අනාගතයට ඉතා වැදගත් වන බවත් රාජපක්ෂ මහතා එහිදී ප්‍රකාශ කළේය.

Share on Google Plus

0 comments:

Post a Comment