මහින්දගේ කණ්ඩායම මෛත්‍රි රකින්න පෙරට එයි.


ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ආන්දෝලනාත්මක ප්‍රකාශයෙන් පසු ඊට විරුද්ධව එක්සත් ජාතික පක්ෂය යම් දෝෂාභියෝග යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළහොත් එය පරාජය කිරීමට ඒකාබද්ධ විපක්ෂය කටයුතු කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රි මහින්ද යාපා අබේවර්ධන මහතා පැවැසීය.

විමර්ශන ආයතන දේශපාලන න්‍යාය පත්‍ර අනුව ක්‍රියා කරන බවට ඒකාබද්ධ විපක්ෂය මුල සිටම ප්‍රකාශ කළ බවත් එය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා තේරුම් ගැනීම ඉතා වැදගත් වන බවත් එම තත්ත්වයන් කඩිනමින් වැළැක්වීමට ජනාධිපතිවරයා ගනු ලබන ක්‍රියාමාර්ගවලට ඒකාබද්ධ විපක්ෂය උපරිම සහයෝගය ලබා දෙන බවත් මහින්ද යාපා අබේවර්ධන මන්ත්‍රිවරයා ප්‍රකාශ කළේය.

ජනාධිපතිවරයාගේ මෙම ප්‍රකාශය සහ වත්මන් දේශපාලන තත්ත්වය ගැන ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායකයන් තවත් දේශපාලන පක්ෂ කිහිපයක් සමඟ සාකච්ඡා කරමින් සිටින බවද පාර්ලිමේන්තු මන්ත්‍රි මහින්ද යාපා අබේවර්ධන මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

-Mawbima

Share on Google Plus

0 comments:

Post a Comment