ඊළම ගැන රනිල්ට චෝදනා කල මනුෂට වැඩ වරදී?


2015 මහ මැතිවරණ සමයේ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ උතුරු පළාතේ ඊළම පිහිටුවීමට ගිවිසුම් ගතව ඇති බවට පුද්ගලික රූපවාහිණි නාලිකාවක පැවැති විවාදයකට එක් වෙමින් එවකට පාර්ලිමේන්තු මන්ත්‍රිවරයකු ලෙස මනුෂ නානායක්කාර සිදු කළ ප්‍රකාශය සම්බන්ධ නඩු ගොනුව නිතිපතිවරයාට යොමු කොට ඇතැයි පොලිස් විශේෂ විමර්ශන ඒකකය අද කොටුව මහේස්ත්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු ලංකා ජයරත්න මෙනවියට දැනුම් දුන්නාය.

එවකට මනුෂ නානායක්කාර ගාල්ල දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිවරයකු ලෙස පුද්ගලික රූපවාහිණි නාලිකාවකට එක් වෙමින් මෙම ප්‍රකාශය සිදු කර ඇති බවට අමාත්‍ය අජිත් පී පෙරේරා සිදු කළ පැමිණිල්ලකට අනුව විමර්ශණ සිදු කළ බව පොලිස් විශේෂ විමර්ශන ඒකකය අධිකරණයට දැනුම් දුන්නාය.

එම විවාදයට එක් වෙමින් මනුෂ නානායක්කාර, යාපනය දිස්ත්‍රික් මන්ත්‍රිනි විජයකලා මහේෂ්වරන් එක්සත් ජාතික පක්ෂයට ඡන්දය භාවිතා කරන ලෙසට උතුරු පළාතේ ජනතාවට පවසා ඇති බවත් ඒ සම්බන්ධයෙන් එම මන්ත්‍රිවරිය 2012 ජුලි මාසයේ හින්දු පවුත්පතට ප්‍රකාශයත් සිදු කර ඇති බවත් එම විවාදයේදී මනුෂ නානායක්කාර පවසා ඇති බව පැමිණිල්ලේ සඳහන් වෙයි.

ඒ සම්බන්ධයෙන් විමර්ශන සිදු කළ බව අධීකරණයට පැවසූ පොලිස් විශේෂ විමර්ශන ඒකකය එම හින්දු පුවත් පත සම්බන්ධ විමර්ශන සිදු කළ බවත් එලෙස ප්‍රවෘත්තියක් පළ වී නැති බවත් අධිරණයට දැනුම් දුන්නේය.

මේ සම්බන්ධයෙන් නියෝජ්‍ය ඇමැති මනුෂ නානායක්කාරගෙන්ද ප්‍රකාශයක් ලබා ගෙන ඇතැයිද පොලිස් විශේෂ විමර්ශන ඒකකය අධීකරණයට කියා සිටියේය.

සිද්ධිය සම්බන්ධ ප්‍රගතිය අධීකරණයට දැනුම් දෙන ලෙස පැවසූ මහේස්ත්‍රාත්වරිය එතෙක් නඩුව බහා තබන ලෙසට නියෝග කළාය.

Share on Google Plus

0 comments:

Post a Comment