බස් එකේදී හදවත නැවතුණු සොඳුරුතමයා මිතුරන් හඬවමින් අවසන් ගමනේ.


ආපහු දවසක හම්බවෙමු... කැමරාවක් අතෙ තියාගෙන ම... සංසාරේ මතු දවසක... සොහොයුරන් ලෙසින්... මිතුර ඔබට නිවන් සුව...
මරණය කියන දේ අපිව හොයාගෙන එන්නේ කොයි මොහොතෙද කියලා අපිට කියන්න බෑ.

පහුගිය 24දා රාත්‍රියේ මරන්දන්කඩවලට එන්න කොළඹ ඉඳන් බස් එකේ නැගපු ‍කිංස්ලිත් මොහොතකට හෝ හිතන්න නැතිව ඇති මේ ඔහුගේ අවසන් ගමන වේවි කියලා.

30 හැවිරිදි කිංස්ලි ප්‍රභාත් කුමාරසේකර වෘත්තීය ඡායාරූප ශිල්පියෙක්.

කොළඹ සිට පුදුකුඩිඉරිප්පු දක්වා ඒ-9 මාර්ගය ඔස්සේ ඉකුත් 24දා රාත්‍රියේ ධාවනය වූ බස් රථයකින් මරදන්කඩවල දක්වා පැමිණි ඔහු බස් රථය තුළදීම මියගොස් තිබෙනවා.

බස් රථය මරදන්කඩවල නගරය පසුකර ගල්කුලම ප්‍රදේශයට පැමිණෙන විට එක වරම අසුනකින් පුද්ගලයකු වැටෙනු මගීහු දැක තිබෙනවා.

ඒ අනුව ඔහු ඔසවා නැවැත ආසනයේ මත හිඳුවා ඇතත් එම පුද්ගලයා වචනයක් හෝ කතා නොකිරීම නිසා බස් රථ රියැදුරා සහ කොන්‍ෙදාස්තරවරයා මගීන්ගේ සහාය ලබාගෙන වහාම ඔහු ළඟම පිහිටි මිහින්තලේ රෝහලට ඇතුළත් කර ඇතත් ඒ වන විටත් ඔහු මියගොස් සිටි බවයි පොලිසිය පවසන්නේ.

හෘදයාබාධ තත්වයක් හේතුවෙන් ඔහු මියයන්නට ඇති බවයි විශ්වාස කෙරෙන්නේ.

Share on Google Plus

0 comments:

Post a Comment