කවීෂා කැරොකේ පෙම්වතා නිසා දිවි නසාගත්තද?


ඊයේ (16) අළුයම් කාලයේදී රිය අනතුරකින් ජීවිතක්ෂයට පත් වූ නව පරපුරේ රංගන ශිල්පිනියක වන කවීෂා අයේෂානිගේ (24) මරණය සිය දිවි නසා ගැනීමක් බවට සැක පලව තිබේ.

මෙම අනරතුර සිදුවීමට පෙර ඇය සිය පෙම්වතා සමඟ ආරවුලක් ඇති කරගෙන පිටවී ඇත්තේ ‘මං වාහනේ හප්පගෙන මැරෙනවා’ කියමින් බව 'ලංකා සි නිව්ස්' වෙබ් අඩවිය වාර්තා කර ඇත.

ඇගේ පෙම්වතා වන්නේ ප්‍රකට කැරෝකේ සමාජ ශාලාවක හිමිකරැවෙකු බවද එම වෙබ් අඩවිය අනාවරණය කරයි.

එම කැරොකි ශාලා හිමිකරු ප්‍රබල දේශපාලනඥයින් හා පොලිසියේ ප්‍රබලයින් සමග සමීප සම්බන්ධතාවයක් පවත්වන්නෙකි.

අනතුර සම්බන්ධයෙන් පොලීසිය විසින් මේ වන විට විශේෂ විමර්ශනයක් ආරම්බ කර ඇති අතර, බස් රථ රියදුරෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

කෙසේවුවද, කවීෂා අනතුරට ලක්වූ ආකාරය සම්බන්ධයෙන් මේවන විට CCTV දර්ශන නිකුත්ව ඇති අතර ඇය පදවාගෙන ගිය මෝටර් රථය බස් රථයේ පිටුපස ගැටීමෙන් මේ අනතුර සිදුව ඇති බව පැහැඳිලි වී ඇත.

එසේ තිබියදී රියදුරා අත්අඩංගුවට ගත්තේ පරීක්ෂණ වෙනතකට යොමුකිරීමට ද යන්න පිළිබඳව සැකයක් මතුව ඇති බවද මේ අතර වාර්තා වේ.

අනතුර සිදු වූ අවස්ථාවේ CCTV වීඩියෝව මෙහි දැක්වෙන අතර මරණය සිදුව ඇත්තේ හිසට සිදු වූ බරපතල තුවාල හේතුවෙන් බව හදිසි මරණ පරීක්ෂණයේ දී අනාවරණ වී ඇත.

24 හැවිරිදි වියේ පසු වූ කවීෂා අයේෂාණි කිරිඳිවැල බෝගහවත්ත ප්‍රදේශයේ පදිංචිකාරියකි.


කවීෂා අයේෂාණිගේ අවසන් කටයුතු කිරිඳිවැල ප්‍රදේශයේ දී ලබන බදාදා සිදු කිරීමට නියමිතය.

Share on Google Plus

0 comments:

Post a Comment